පාණදුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදි ඊයේ (12) අධිකරණ කටයුතු පවත්වාගෙන යන අතරතුරදි අධිකරණයේ සාක්කි කුඩුව අසල සිටි බණ්ඩාරගම පොලිසියේ සැරයන් සුනිල් මහතාට කාන්තාවක් විවෘත අධිකරණයේදී පහරදීම නිසා නඩු කටයුතු අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය විසින් පැය භාගයකට කල් තැබුවාය.
මෙම කාන්තාව මෙදින උදැසන 8 30 ට පමණ අධිකරණ භුමියේ දොරටුවේදී කලබැගැනියක් කර පොලිස් කාන්තාවකටද බැණ අධිකරණයේ පැවැති නඩුවකට පැමිණි අැගෙ විවාහක සැමියාටද කුඩයකින් පහර දී තිබේ. ඇය අධිකරණයට පැමිණ සිටියේ ඇගේ සැමියා සම්බන්ධ නඩුවකටය. පොලිසියේ සැරයන්වරයාට පහරදී පාරට පැමිණි අැයව පොලිස් නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන මෙහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කෙරිණ. අැය උමතු රෝගයකින් පෙලෙන බවට සැකකළ මහේස්ත්‍රාත්වරිය අැය මානසික රෝහල වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා තුරු රක්ෂිත බන්ධනාගාරගත කළාය. පොලිස් සැරයන්වරයාට පහරදීමෙන් පසුව ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.
ඇයව අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය උමතු රෝගයකින් පෙළෙන බවට සැක පහල වී ඇයව රක්ෂිත බන්ධනාගාරගත කළ අතිරේක මහෙය්ස්ත්රාත්වරිය ඇයව මානසික රෝහල වෙත ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කළාය.
අදහස් 1ක් ඇත
කාන්තාවක් අධිකරණයේ දී පොලිස් සැරයන්ට පහර දීලා
නව අදහස දක්වන්න