මල්වතු මහනාහිමියන්ට අපහාස කරන්නේ දේවදත්තලා | දිනමිණ

මල්වතු මහනාහිමියන්ට අපහාස කරන්නේ දේවදත්තලා

ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ
එ.ජා.ප. ශාඛා සංවිධාන ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ කැලණිය ආසනයේ ශාඛා ප්‍රතිසංවිධානය ෆීල්ඩ් මාර්ෂල්, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. ඡායාරූපයේ අමාත්‍යවරයා කැලණිය සිංහාරමුල්ල උතුර ශාඛා සමිතියට පැමිණි අවස්ථාවේදී සාමාජිකයින් විසින් උණුසුම්ව පිළිගත් අයුරු. ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායක සුමංගල සමරවීර මහතා සහ පළාත් සභා මන්ත්‍රී යූ.ජෝර්ජ් පෙරේරා මහත්වරු ඡායාරූපයේ සිටී. ඡායාරූපය - රොෂාන් පිටිපන

මල්වතු මහනාහිමියනට අපහාස හා අගෞරව වන අන්දමට කථා කරන ඕනෑම පැවිද්‍දෙකු හා ගිහියකු මර්වින් සිල්වාගේ ගණයට අ යත්, දේව දත්තයන් බවත්, උන්වහන්සේ මේ රටේ සත්‍ය කථා කරන මහා යථිවරයෙකු බවත් ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෙෆාන්සේකා මහතා පැවසීය.

හෙතෙම මේ අදහස් ප්‍රකාශ කර සිටියේ කැලණිය ප්‍රදේශයේ නව ශාඛා කාර්යාලයක්, යොවුන් හා තරුණ පෙරමුණ සංවිධානද ස්ථාපිත කරමින් කැලණිය රතු පල්ලිය අසල පැවති උත්සව සභාවකදී මාධ්‍ය අමතමිනි.

කැලණිය එක්සත් ජාතික පක්ෂ ක්‍රියා කාරිකයෙකු වූ මැක්සි රෝයි අල්විස් මහතාගේ නිවසේ පැවති මෙහිදී තවදුරටත් මාධ්‍ය ඇමතූ ඇමැතිවරයා මෙසේද කීය.

උන්වහන්සේ මේ රටේ ගරුතර ස්වාමීන් වහන්සේ නමක්. එසේ උන්වහන්සේට අපහාස වන අන්දමට මඩ ගසා කථා කිරීම බුදුරජාණන් වහන්සේටද කරනා නිගරුවකි.

මෙසේ අපහාස කරනා උදවිය දේවදත්ත ගණයට අයත් උදවියයි. රාවණා බලය සංවිධානය ජනාධිපතිවරණය පැවති සමයේ මා හට නිදියන්න පවා ඉඩ දුන්නේ නැහැ.

මන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ මහින්ද රාජපක්ෂ මහතා තමාට හැකි තරම් මුදල් දෙනවා කී බවත්, එමනිසා ඡන්ද සටනේදී එතුමාට උදව් කිරීමට ඉදිරිපත් වන්න කියා ඉල්ලා සිටි බවත්ය.

ඔවුන් කීපදෙනෙක් දෙපැත්තෙන් හිටගත් පළියට එය රාවණා බලයක් නොවේ. එය රාවණා රජුටද කරනා අගෞරවයකි.

එමනිසා රට ගෙනියන අයට ඒ වැඩය කරගන්න ඉඩදී පැත්තකට වී නිහඬව සිටින්නැයි මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මහින්ද රාජපක්ෂ වටා සිටිනා කල්ලියට දැන් බොහෝදේ අමතකය. රණවිරුවන් ලවා වැලි කොට්ට ගසා දළදා මාලිගාව අබියස රේස් පැදි අයුරු ද ඔවුනට අමතක ය.

කොළඹ නගරයෙන් අක්කර 200ක් සින්නක්කරව විකිණීම, පාර්ලිමේන්තුවේදී මහා සංඝයාට බිම දමා පා පහර දීම, ඔවුනට අමතකය. මේ අය අද සෝවාන් වී ඇති සෙයකි. රජයට විරුද්ධව කථා කරනුයේ මහින්ද රාජපක්ෂගේ බඩ ගෝස්තරවාදයට ලොල්වී සිටිනා අයයි.

ඒ රස මතක් වනවිට ඔවුනට දැන් කෑදර සිතක් පහළවී ඇත. එදා මහින්ද රාජපක්ෂ කල්ලිය උසාවි නියෝග ගණන් ගත්තේ නැත. අද ද එසේමය. එමනිසා මේ නඩය අල්ලා කූඩුවලට දැමීම අප දැන් ආරම්භ කරනවා. හම්බන්තොට වරාය අප විකුණා දමන්නේ නැත. එය ජනතාවට දරා ගන්න බැරි බරකි. එමනිසා මෙය බද්දට දීම අප ආරම්භ කරනවා. මත්තල ගුවන් තොට ද එසේම බරකි. එය මෝඩ ව්‍යාපෘතියකි. රට උගසට තබා කොමිස් ගැසූ සංවර්ධන ව්‍යාපෘතියකි.

එදා අක්කර 30ක් වූ යුදහමුදා මූලස්ථානයද මොවුන් විකුණා දැමුවා. එය අද ඔවුනට අමතකය. ඉන්දියාව කලාපයේ බලවතෙකි. ඉන්දීය රජයට අයත් දේපළට හානිකරන්න ගියහොත් ඔවුහුද බලා නොසිටී. එදා ඉන්දියා අගමැති ලංකාවට පැමිණි මොහොතේ මහින්ද රාජපක්ෂ දණගා ගොස් ඔහු මුණගැසුනා. එසේ ගොස් ඉන්දියා අගමැතිගෙන් බැණුම් අසා පැමිණියා. නාමල් රාජපක්ෂ උසාවි නියෝග පිළිනොපැදීම පුදුමයක් නොවේ. ඔහුගේ පියාද අගවිනිසුරුතුමිය ඉවත් කළේ උසාවි නියෝග ද නොතකාය. අද ඔවුනට මේ සියල්ල අමතකය. සංඝයා වහන්සේට අපහාස කිරීම මා අනුමත නොකරමි.

එහෙත් සමහර හිමිවරු ධුරයේ ගෞරවය කෙළෙසා දමමින්, මහින්ද රාජපක්ෂ සමඟ දේශපාලන ගමනක යෙදී සිටීනම්, අනෙක් අයට අපහාස කරත් නම්, ඒ සංඝයා වහන්සේ ගෞරව ලැබිය යුත්තෙකු නොවේ. අතීතයේ මේ රට බේරාගන්න ඉදිරිපත් වූයේ මේ වැනි සංඝයා වහන්සේ නොවේ. මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් බඳු සංඝයා වහන්සේය. මහින්ද රාජපක්ෂගේ බඩ ගෝස්තරයට වහ වැටී ඇති සමහර හිමිවරුන් මේ රට විනාශ කරනවා. අපි චීවරධාරීන් යැයි පවසන්නේ ඒ වැනි අයටය.

පාංශුකූලයකට, බණකට නොවඩින අභයාරාමයට වී රට වනසන්න යත්න දරන, සංඝයා වහන්සේ රටට විනාශයකි.

මර්වින් සිල්වාටද ආචාර්ය පට්ටමක් ඇත. මල්වතු මහ නාහිමියනට අගෞරව කළ මහාචාර්ය හිමියන් ද ඒ ගණයේම හිමි නමකි.

නව අදහස දක්වන්න