ව්‍යවස්ථා කෙටුම්පතට කොමියුනිස්ට් පක්ෂය විරුද්ධ වන්නේ නැහැ | දිනමිණ

ව්‍යවස්ථා කෙටුම්පතට කොමියුනිස්ට් පක්ෂය විරුද්ධ වන්නේ නැහැ

අනුර ප්‍රේමලාල්

වැඩකරන පන්තියේ හා ප්‍රගතිශීලි බලයේ සමගිය ගොඩනගන්නේ නැතිව අපට විණ කරන ධනේශ්වරය පරාජය කළ නොහැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්දා (09දා) කොළඹ 08, ඇන්.ඇම්.පෙරේරා අනුස්මරණ මධ්‍යස්ථානයේ පැවැති සමාජවාදි ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය එහිදි වැඩිදුරටක් කතා කළ ඒ මහතා මෙසේද කීය.

අපි සියලු දෙනා බලා සිටිනවා උද්ධමනයට ආණ්ඩුව විසඳුම් ලබා දෙයි කියලා. මේ සඳහා ගොඩනගාපු වත්මන් ආණ්ඩුව ධනපති එකක්. මේ ආණ්ඩුවට උද්ධමනය පාලනය කිරීමේ දැක්මක් නැති බව පැහැදිලියි. විශේෂයෙන්ම මුල්‍ය කළමනාකරණය පිළිබඳ මග පෙන්වන මහා බැංකුවේත් දූෂණයක්. එමෙන්ම සියලු රාජ්‍ය බැංකු දුර්වල කරමින් අද උත්සහයක් තියෙනවා පෞද්ගලික ආයතන, බැංකු ඉදිරියට ගෙන යෑමට උත්සාහයක් තියෙනවා. එහෙම නිවැරැදි ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන රටක අයවැය එකක් නොවේ. තව අයවැය දහයක් ගෙනාවත් මේ උද්ධමනය පාලනය කරන්න බැහැ. එහෙම කරන්න පුළුවන් කියා කල්පනා කරනවා නම් එය වැරැදියි.

මහාබැංකු වාර්තාව අනුව ඉකුත් වසර දෙකේ වාර්තාගත ණයවීමක් පිළිබඳ එහිදි විදේශ ණය 27%කින් දේශිය වශයෙන් ණය 24%කින් වර්ධනය වෙලා යැයි එහි සඳහන් වෙනවා. මේ ආකාරයට ණය අරගෙන ඉදිරියට යන එමෙන් ඉතුරුම් නැති, සෘජු ආයෝජන නැති ආණ්ඩුවක් කොහොමද අපේ රටේ උද්ධමනය පාලනය කරන්නේ. ආණ්ඩුව මේවා ගැන දන්න නිසා තමයි පොලිස් බලය යොදන්නේ. පොලිසියේ හා හමුදාවේ ඉහළ නිලධාරින් මේ ගැන ක්‍රියාත්මක කරන්නේ නායකයින් අනු දැනුම අනවයි.

රට බෙදන ව්‍යවස්ථා කෙටුම්පතට එරෙහිව විරෝධතා දක්වන ආකල්පයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නැහැ. ඒ නිසා අරාජිකවාදි හුදෙකලා අරගල සෑම විටම වාසිය අත් කරන්නේ ධනපති පන්තියටයි. ඒක තමයි ඒ අයගේ පැවැත්ම. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබෙන බෙදීම ධනපති පන්තියේ පැවැත්මට වාසිවෙලා තියෙනවා. වැඩකරන පන්තියේ සමගිය ගොඩනගන්නේ නැතිව සිංහල බෞද්ධ බලවේගයට බැහැ ධනපති පන්තියට එරෙහිව කටයුතු කරන්න. ඒ ආකාරයේ පටු ආකල්ප මත මේ රට ගෙනියන්න හැදුවොත් එය ධනපතීන්ට වාසි වෙනවා යන්නයි මගේ අදහස. මේවාට කව්රුත් උල්පන්දම් දේවි ආණ්ඩුවත් උදව් කරාවි ඒ නිසා අපි හුදෙකලා අරගල නොවේ සැලසුම් සහගත අරගල ක්‍රියාවලියකට නොගියත් මේ ධනපති ආණ්ඩු පහසුවෙන් බිම දමන්න බැහැ. ඒ නිසා වහාම වැඩකරන පන්තිය, වමේ බලවේග වගේම අපේ මිත්‍රරටවල්ද එකමුතු කරගත් ගැඹුරු වැඩපිළිවෙලක් අවශ්‍යයි.

ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා-අධිකරණය දුන් තීන්දුව යටගහලා ඒ අස්සේ තවත් තීන්දුවක් ගෙනැල්ලා ඊට කතානායකගේ අනුමැතිය ගන්නවා. විරෝධයපාන අයගේ විරෝධය නොතකා. ණය බරේ පව් ගෙවන්න වෙනවලු මේ අයවැයෙන් පස්සේ. ඒ නිසා මම අහනවා බැඳුම්කරයේ පව්ගෙවන්නේ මොන අයවැයෙන්ද ඒ ගැනත් බලධාරින් කිව යුතුයි. කොපමණ බරක් ආවද බැඳුම්කර වංචාව නිසා පොලි අනුපාත වැඩිවුණාද කියා මේ අයවැයෙන්ද සොයා බලන්නේ. අපේ කාලයේ ණය ගත්ත ඒවාට හදාපු දේවල් තියෙනවා.ඒ හදාපුවා මේ ආණ්ඩුව විකුණනවා. ඒවා විකුණලා ණය ගෙවනවා කියනවා. නමුත් බැඳුම්කරයෙන් සිදුවු පාඩුව ගෙවන්නේ කොහොමද? අගමැතිතුමා කියනවා විස්සයි විසිපහ වෙනකල්ම ණය ගෙවන්න වෙනවා කියලා ඒ කතාවේම කියනවා අපි තව පරම්පරා දෙකක් ණය ගෙවන්න තියෙනවා කියලා. පරම්පරා දෙකක් කියෙන්නේ අවුරුදු එකසිය විස්සක්. මේවා පටලවා ගත්ත ඔල් මෙරොන්දම් කතා.

ලංකා සමසමාජ පක්ෂයේ නායක මහචාර්ය තිස්ස විතාරණ මහතා - හම්බන්තොට විරෝධය ඇතිවුණේ අපේ දේපොළ විකිණීමක් සම්බන්ධයෙනී. මුලින් මේ ආකාරය දේවල් විදේශයට විකුණන්න නොහැකි අතර එය කලින් තිබු ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමකී. ඒ සඳහා තමයි මේ සටන ගෙනියන්නේ. හම්බන්තොට පමණක් නොව අනෙක් ඒවා විකුණුවෝත් ඊට එරෙහිව කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් තියෙනවා මේවාට විරුද්ධව සාමකාමිය විරෝධය පාන්න. එවැනි දෙයක් තමයි හම්බන්තොට සිදුවුණේ. එය යම් කිසි පිරිසක් කඩකප්පල් කරමින් පොලිසියට ගලා ගසා ඇවිස්සීමක් සිදු කළා. එය පොලිසිය දැනගෙන සිටියා.මෙහිදි පොලිසිය නීතියට අනුව නොවේ වැඩකළේ. ඒ අයට පහර දෙන්න බැහැ.

මෙහිදි සමාජවාදි ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ රාජා කොල්ලුරේ මහතා හා දේශවිමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති ගලගම ධම්මරංසි හිමියෝද අදහස් දැක්වූහ. 

නව අදහස දක්වන්න