‍රෝහිතට එරෙහි මූල්‍ය වංචා නඩුව 24 දා විභාගයට | දිනමිණ

‍රෝහිතට එරෙහි මූල්‍ය වංචා නඩුව 24 දා විභාගයට

කුමුදු හෙට්ටිආරච්චි

වසර දෙකකුත් තුන් මසක කාලයක් තම ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 412ක මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුව මෙම මස 24දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (12) නියෝග කළේය.

එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නඩුවේ 06, 07, 08 හා 09 යන සාක්කිකරුවනට ඊයේ (12) අවවාද කෙරුණි.

නඩුව ඊයේ (12) කැඳවූ අවස්ථාවේ අධිකරණ ඇප මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2004 මැයි මස 31 සිට 2006-5-31 අතර කාලයේ දී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරූ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නිතිඥ මහතා පෞද්ගලික හේතුවක් නිසා ඊයේ (12) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර නඩුව විභාගයට ගැනීම එසේ කල් තැබුණි. 


නව අදහස දක්වන්න

Or log in with...