ගුවන් සමුළුව 2017 ඇරැඹෙයි | දිනමිණ

ගුවන් සමුළුව 2017 ඇරැඹෙයි

විජයානි එදිරිසිංහ
ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කළ අයුරු. ඡායාරූපය ගයාන් පුෂ්පික

ශ්‍රි ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව පවත්වන ගුවන් සමුළුව (2017) දෙස් විදෙස් ගුවන් හමුදා ප්‍රභුවරුන්ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් හා අභිමාණවත් අයුරින් රත්මලාන ගුවන් හමුදා ඊගල් හෝටලයේ දි ඊයේ (12) ආරම්භ කෙරිණි. ඊයේ සහ අද යන දින දෙකේදීම පැවැත්වෙන එම ගුවන් සමුළුව මෙවර පැවැත්වෙන්නේ තුන්වැනි වරටය.

මීට පෙර වසර දෙකේදීම ගුවන් සමුළුව ඉතාමත් සාර්ථක අයුරින් පැවැත් වූ ආකාරයෙන්ම ජාත්‍යන්තර ගුවන් හමුදා නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වෙයි. එම වසරටත් වඩා රටවල් රැසක නියෝජිතයන් ගණනාවකගේ සහභාගීත්වයේ ආරම්භ වූ එම සමුළුවට මෙවර රටවල් 17ක නියෝජිතයෝ සහභාගී වෙති.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ එම ගුවන් සමුළුවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි. ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා, ඇතුළු රජයේ සහ ආරක්ෂක අංශවල ප්‍රධානීනන් ද හිටපු ගුවන් හමුදාපතිවරු ඇතුළු සෙසු ගුවන් හමුදා නිලධාරීන් ද ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වි සිටියහ.

ගුවන් හමුදාව පසු ගිය දශක තිහකට වඩා අධික කාලයක් පුරා රට වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් කළ සේවය අප්‍රමාණ වෙයි. එම දැවැන්ත කර්තව්‍යයේ දී උඩින් එන තර්ජන මැඩ පවත්වමින් මේ මවුබිමට ගොඩින් ද මුහුදින් ද එන තර්ජනවලට මුහුණ දෙන යුද්ධ හමුදාවටත් නාවික හමුදාවටත් සහාය වෙමින් කළ දැවැන්ත මෙහෙවර ඇතුළත් අභිමාණවත් වීඩියෝ දර්ශන පෙළක් සමුළුව ආරම්භයේදීම ඉදිරිපත් කෙරිණි.

ඊට අමතරව මෙරට උඩරට පහතරට නැටුම්, බෙර, තම්මැට්ටම් ඇතුළු විවිධ නැටුම් කලා අංග ඇතුළත් නර්ථන අංග ඉදිරිපත් කෙරුණු අතර එම කලා අංග දෙස් විදෙස් සෑම අයකුගේම සිත් ගත් මනරම් නර්තන විය.

ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා සමුළුව අමතමින් අසමතුලිත යුධමය අවස්ථාවන්වල දී ගුවන් බලය යෙදවීම තේමාව පිළිබඳව පැහැදිලි කරමින් තොරතුරු රැසක් ඉදිරිපත් කළේය.

තවද නූතන ආරක්ෂාවට ඇති තර්ජන සම්බන්ධව සමුළුවේ මූලික අවධානයට යොමු වෙමින් අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත්, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාත් මේ අවස්ථාවේ සිය දේශන ඉදිරිපත් කළ අතර විදෙස් රටවල්වල ගුවන් හමුදා නියෝජිතයන් ද මේ තත්ත්වය හමුවේ අද ලෝකයේ රටවල ආරක්ෂාවට ඇති තර්ජන සහ එම තර්ජන ඇතිව තිබේන අංශ කෙරෙහි ද, ඒවාට මුහුණ දීමට අදාළව කටයුතු කළ යුතු ආකාරය පිළබඳවත් අදහස් දැක්වූහ.

තවද සැසිවාර හයක් තුළ පර්යේෂණ පත්‍රිකා 12ක් යටතේ අසම්මතික තර් ජන යන්න පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට ද න්යමිතය.

නව අදහස දක්වන්න