සම්මත වූ පනත් 3කට කථානායකගේ අස්සන | දිනමිණ

සම්මත වූ පනත් 3කට කථානායකගේ අස්සන

ස්වර්ණා විජේකෝන්

පළාත් පාලන මැතිවරණයට අදාළව පසුගිය දා (9) පාර්ලිමේන්තුවේ සම්මත වූ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන යන පනත් ත්‍රිත්වයට කථානායක කරූ ජයසූරිය මහතා‍ ඊයේ (12) අස්සන් කළේය. පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාස හා සමානුපාතික ක්‍රමය හඳුන්වා දෙමින් කාන්තා නියෝජනය වැඩිකරමින් ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත් සංශෝධනයවීම ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ ස්වර්ණමය හා ඓතිහාසික අවස්ථාවක් බව පනත් ත්‍රිත්ත්වය සඳහා අත්සන් කරමින් කතානායකවරයා සඳහන් කළේය.

මෙම පනත් සම්මත කිරීමෙන් පසුව මෙතෙක් පැවැති සියලු බාධා ඉවත්වන බව පැවසූ කතානායකවරයා පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ දී පැවැත්වීමට රජය අපේක්ෂා කරන බවත් කීය. මෙම පනත් තුන ඉතාම වටිනා පනත් තුනක්. මෙම පනත්වලට මම අස්සන් කි‍රීමෙන් පසුව මෙම නීතිය වලංගු වෙනවා. ඒ අනුව ඉදිරියේ දී පවත්වන මැතිවරණවල දී ජනතාවට, ප්‍රදේශයට, වගකියන නියම මහජන නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාව හිමි වෙනවා ඇයි ද කථානායකවරයා කීය.

මෙම පනත් වලට අත්සන් කිරීමට පෙර මගේ දැනගැනීම සඳහා අද උදේ මම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සීමා නිර්ණ කමිටුවේ සභාපතිවරයාට කතා කළා. එහිදි ඔවුන් මට දැනුම් දුන්නේ පළාත් පාලන මැතිවරණය ලබන ජනවා‍රි මාසයේ දී පැවැත්වීමේ හැකියාව පවතින බවයි. ඇත්තටම පසුගිය කාලයේ දී මේ නිලධාරීන්ටත් විවිධ ආකාරයට චෝදනා කළා. නමුත් මේ අය කළේ තම සේවාව ඉටුකිරීමයි.මෙම පනත් සම්මත කිරීමත් සමඟ මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ නව වෙනසක් ඇති වනවා. ඒ වගේම මේ වෙනුවෙන් මාධ්‍යයත් විශාල හඬක් නැඟුවා. ඒ වගේම පළාත් පාලන ආයතන වල පරිපාලන ව්‍යුහයේ යම් වෙනස්කම් ගණනාවක් සිදුකිරීමටත් විෂය භාර ඇමැතිවරයා අපේක්ෂාවෙන් සිටිනවා. ඇත්තටම එම වෙනස්කම් සිදුවිමත් ඉතා වැදගත්.

පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතා කතාකරමින් මෙම පනත් කිහිපය සම්මත කිරීම දක්වා සිදුවූ ක්‍රියාවලීයේ දී කතානායක කරූ ජයසූරිය මහතා දැක්වූ දායක්තවය අගය කළ යුතුයි. ඇත්තටම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, මනාප ක්‍රමය වෙනස් කිරීම සිදුකිරීම යනු මෙරට දේශපාලන ඉතිහාසය තුළ සිදුවූ දැවැන්ත වෙනසක්. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යනු පසුගිය ජනාධාපතතිවරණයේ දී සිදුකළ මැතිවරණ පොරොන්දුවක්.මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම මෙන්ම සීමා නීර්ණ කටයුතු සිදුකිරිමේ දී පෙර සිදුවූ වැරැදි නිසා මටත් පීඩා විදින්නට සිදුඋනා.මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සිදුවූ පරිදිම

ඡායාරූපය- රුක්මල් ගමගේ

පළාත් පාලන මැතිවරණයට අදාළව පසුගිය දා (09) පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත් ත්‍රිත්වයට කතානායක කරූ ජයසූරිය මහතා‍ ඊයේ (12) අත්සන් තැබූ අයුරු. ඇමැති ෆයිසර් මුස්තාපා, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, අමාත්‍යාංශ ලේකම් එච්. ටි. කමල් පත්මසිරි මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්වූහ. 

නව අදහස දක්වන්න