අනුන්ගේ දේවල් ලබා ගැනීම ගම්මන්පිලගේ පුරුද්දයි | දිනමිණ

අනුන්ගේ දේවල් ලබා ගැනීම ගම්මන්පිලගේ පුරුද්දයි

උදය ගම්මන්පිල මන්ත්‍රීතුමාගේ පුරුද්ද තමයි අනුන්ගේ දේවල් ලබා ගැනීම. ඒ නිසා එතුමා හිතන් ඇති මගේ සියලුම දේපළත් එතුමා සතු කරගැනීමට. එතුමාට මට කියන්න තියෙන්නේ ඔහු වගේ අනුන්ගේ දේවල් අරගෙන ජීවත්වන අය නෙවෙයි අපි යැයි පවසන පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කලකට පසුව මාධ්‍ය ඉදිරියට පැමිණෙමින් උදය ගම්මන්පිල සහ තමා අතර තිබෙන මතභේදය ගැන කරුණු කීවාය.

තමාට අධිකරණයෙන් එවන ලද නඩු වාරයන්ට පෙනී සිටීමට අදාළ කැඳවීම් ලිපි නොලැබුණ බවත් තමා දැනට අවුරුදු ගාණක සිට කොළොන්නාව නිවෙසේ පදිංචිව නොමැති බවද කීවාය. එම නිසා අදාළ නඩුවේ ලබා දුන් ඒක පාර්ශ්වීය තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කරමින් මාගේ නිර්දෝෂ භාවය සාක්කි සහිතව ඔප්පු කරන බවද ඇය කීවාය.

ගම්මන්පිල මන්ත්‍රීවරයා සමඟ තමාට කිසිදු පෞද්ගලික ගැටුමක් නොමැති බවත් ගැටුම ඇතිවූයේ 2014 පළාත් සභා මැතිවරණයේදී මා පළමු ස්ථානයට පැමිණි නිසාය.

ඒ නිසා මහඇමැතිකම බලාපොරොත්තුවෙන් සිටි ගම්මන්පිල මහත්මයාට එය අහිමි වූ බව කියන මන්ත්‍රීවරිය එදින සිට ගම්මන්පිල මන්ත්‍රීතුමා කීප අවස්ථාවකදීම තමාව විවේචනය කළ බව දැනගන්නට ලැබුණු බවද ඇය කීවාය. 

අමිල මලවිසූරිය

නව අදහස දක්වන්න