වගාහානි වූ කුඩා තේ වතු හිමියන්ට සහනාධාර චෙක්පත් | දිනමිණ

වගාහානි වූ කුඩා තේ වතු හිමියන්ට සහනාධාර චෙක්පත්

වත්මන් රජයට අවශ්‍ය තේ කර්මාන්තය ශක්තිමත් කර එමගින් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
 
අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියේ පසුගිය 12 වැනිදා දෙනියාය, කොටපොළ,මොරවක්කොරලයේ තේ නිපදවන්නගේ සමුපාකාර සමිති ශාලාවේදී පවතී උත්සවයකට සහභාගී වෙමිනි.
 
ගංවතුර සහ නායයෑම හේතුවෙන් තම වගාවන් හානියට පත්වූ මාතර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතුහිමියන් 4080 දෙනෙකු සඳහා රුපියල් මිලියන 100 ක් මුදලක් ජනතාවට බෙදාදීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කල උත්සව අවස්තාවේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභගි වෙමිනි.
 
මෙහිදී වගාහනියට පත්වූ 750 ක පිරිසක් සඳහා හානි මුදල් ලබාදුන් අතර සෙසු පිරිස සඳහා මුදල් බැංකු ගිනිම්ගත කරන බවද එම සංවර්ධන අධිකාරිය සඳහන් කෙරුණි.
 
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය,
 
2015 දී වත්මන් රජය එනකොට විශේෂයෙන්ම මේ ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂය වේදිකාවේ කතාකරපු ප්‍රධාන මාතෘකාවක් වුනා තේ කර්මාන්තය, ඒකෙදි අපි ඔබ තමුනන්සේලාට පොරොන්දුවක් දුන්නා, ඒ වෙනකොට තේ කර්මාන්තය වැටිලා තිබුන තේ කර්මාන්තය සඳහා ඉහල මිලක් ඇතිකිරීමට කටයුතු කරනවා කියලා.
 
පවතී රජය යටතේ ඒ සඳහා පිහිටවා ඇති රාජ්‍ය ආයතන ඊට අදාළ කටයුතු සිදුනොකරන නිසා සහ පැවතුනු රජයත් ඊට අවශ්‍ය සහයෝගය නොදීපු නිසා තේ මිල පහල ගිය බවත් අමාත්‍යවරයා ජනතාව දැනුවත්කර සිටියා. 
 
පැවති රජය තේ කර්මාන්තය වැඩිදියුණු කිරීමට පවතින ආයතන ඒ සඳහා නොයොදා තමන්ගේ දේශපාලන කටයුතු සංවර්ධනය කරගැනීමට එම ආයතන සතු සම්පත් සූරා කෑමට ක්‍රියා කලා.
 
තේ අපනයනය කරනවිට තේ මණ්ඩලයට අරමුදල් ගොඩනැගෙන බවත් එසේ ගොඩනැගෙන සෙස් අරමුදලේ අරමුණු දෙකක් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා. එනම් තේ කර්මාන්තයේ නැවත වගා කටයුතු සඳහා සහයෝගයක් ලෙස දීමනාවක් ලබාදීම බවත් දෙවැනි අරමුණ ලෙස මෙරට තේ මිල ඉහල තත්වයකට ගැනීම සඳහා ජාත්‍යන්තරය තුල මෙරට තේ ප්‍රවර්ධනයකර ඉහල මිලක් ලබාගැනීම මෙම අරමුදලේ අරමුණු බව පෙන්වාදෙනු ලැබුවා.
 
පසුගිය කාලයේ ඒ කීසිවක් සිදුනොවූ බවත් යාන වාහන අරගෙන දේශපාලඥයන්ට ඔවුන්ගේ දේශපාලන කටයුතු සඳහා බෙදාදීම පමණක් සිදුවූ බවද අමාත්‍යවරයා සඳහන්කර සිටියා.එනිසා නැවත වගාව සිදුනොවීම සහ තේ වෙළඳපොල ප්‍රවර්ධනය නොවූ බවද පැවසු අමාත්‍යවරයා කියා සිටියේ එවැනි තත්වයක් තුල තමන්ගේ රජයක් පැමිණිවිට එම වරද නිවැරදි කර නැවත වගාවට යලි උදව්කර, බලවත් වැඩපිළිවෙලක් මගින් තේ වෙළඳපොල ප්‍රවර්ධනය කරල නැවත මිල වැඩිකරන කටයුතු කරන බවද සඳහන්කර සිටියා.
 
ඒවගේම ශ්‍රී ලංකාව තුල නීතියේ ආධිපත්‍ය තහවුරු වෙනකොට, නීතිය , සාමය රට තුල ඇතිවෙනකොට ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමට පහසු වන බවත් එමගින් ජාත්‍යන්තරය තුල මෙරටට හොඳ වෙළඳපොල අවස්ථාවක් උදාකරගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.
එම තත්වය මෙරට තුල ඇතිවන තුරු තේ සඳහා ස්ථාවර මිලක් ලබාදුන් බවත් ඒ අනුව එකල තේ කිලෝවක මිල රුපියල් 55 - 60 අතර පවතින විට අමු තේ දළු කිලෝවකට රුපියල් 90 දක්වා ගෙවීමට අවශ්‍ය සෙසු මුදල පියවීමට අවශ්‍ය මුදල් රජය මගින් ලබාදුන් බවද මතක්කර සිටියා.
එසේ මාස ගණනාවක් රජයේ මැදිහත්වීම මත තේ සඳහා උසස් මිලක් ලබාදුන් බවද කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා පමිණ නිසි වැඩපිළිවෙලක් මගින් තේ මිල ඉහල තත්වයකට ගත් බැවින් මේ වනවිට රජයට මිල මට්ටම ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය ගෙවීම් දීමනාව ලබාදීමටද අවශ්‍යතාවක් නැති බවද සඳහන්කර සිටියා.
 
එහි ප්‍රතිපලයක් ලෙස මේ වනවිට දෙනියාය  සහ ඒ අවට ප්‍රදේශවල බොහෝ තේ කර්මාන්ත ශාලා මගින් අමු තේ දළු කිලෝවකට රුපියල් 100 ත් 110 ත් අතර මුදලක් ලබාදෙන බවද අමාත්‍යවරයා සභාව හමුවේ කියා සිටියා.
 
එසේ 55 - 60 සිට අමු තේ දළු කිලෝවකට ගෙවන මුදල 100 - 110 දක්වා වැඩිවීම ජනතාවට විශාල ශක්තියක් බවට පත්වී ඇති බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳව දැන් කිසිවෙකුත් කතානොකරන බවයි. තේ මිල අඩුවෙනකොට ආණ්ඩුවට දෝශාරෝපනය කරන අයට මිල වැඩිවෙනකොට එය අමතක වන බවද අමාත්‍යවරයා පැවසීය.
 
 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න