උතුරු නැගෙනහිර හර්තාල් | දිනමිණ

උතුරු නැගෙනහිර හර්තාල්

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද(13) උතුරු පළාතේ හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන එක්ව එය ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේ සඳහා දෙමළ ජාතික සන්ධානය මෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ මහජන සභාවේද සහයෝගය ලැබී තිබේ.

හෙට(14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උතුරේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බැවින් දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීම මෙම හර්තාල් ව්‍යාපාරයේ අරමුණ වී ඇති බව සදහන්වේ.

මේ අතර නැගෙනහිර පළාත තුළ ද හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...