පැරැණි රෝහණයේ බෞද්ධ උරුම | දිනමිණ

පැරැණි රෝහණයේ බෞද්ධ උරුම

නන්දසිරි වැලිගමගේ

පැරැණි රෝහනයට අයත් නැගෙනහිර තොප්පිගල ගිරි සිඛරයට කිලෝ මීටර් දහයක් පමන දුරින් පිහිටි මුරුතාන් නම් ප්‍රදේශයේ මෙතෙක් පුරා විද්‍යාවේ පවා ඇස නොගැසුන බෞද්ධ ලෙන් සංකිර්ණයක් හා එහි පිහිටි සෙල් ලිපියක් සිරිපතුලක් අතුලු පුරා විද්‍යා සාධකයන් රැසක් ගාල්ල මුහුදු පුරා විද්‍යා ඒකකයේ ගවේශන නිලධාරිවරයකු වන රුක්ෂාන් ප්‍රියන්දන මහතා ඇතුල එගම ගම්වාසීන් පිරිසක් විසින් පසු ගියදා සොයා ගෙන ඇත.

අතීත රෝහණයට බෙන්තර ගඟ සිට ත්‍රිකුණාමලය දක්වා භූමි ප්‍රමාණය අයත්වූ බව කඩයිම් පොත් විමර්ෂණ මගින් තහවුරු වේ. මෙම පැරැණි රෝහණයේ බෞද්ධ උරුම ස්ථාන මෙපමණ යැයි කිව නොහැකි තරම්ය. එකී භූමි භාගය තුළ තවමත් සොයා නොගත් උරුමයන් වනගතව සැගව පවතින්නේය. මෙම පිරිසකගේ මෙම ගවේෂණය ද එබඳු පෙර වාර්තා නොවුනු තොප්පිගල කඳු පර්වතයට කිලෝමීටර් 10ක් පමණ දුරින් වන මුරුතාන් නම් ප්‍රදේශයෙ පවතින පුරාවිද්‍යා නටඹුන් සුවිශේශී වන්නේ අද අපි මහත් ඕනෑකමකින් කථා කරන සමස්ථ දිවයින පුරා වඩ වඩාත් තහවුරු කරන්නට යන ජාතික ආගමික සංස්කෘතික සහජිවනය මෙයට පෙර එනම් ක්‍රිස්තු පූර්ව 300-1 අතර යුගයේ පවා තිබු අයුරු සක් සුදක් සේ පැහැදිලිවන ආගමික සංකීර්ණයක් මේ පුජා භුමිය තුළ තිබු අයුරු හා අදත් එය ඒ ආකාරයෙන්ම පවතින බව මෙහිදි දැක ගැනීමට හැකිවීමය.

මෙම නටඹුන් පිළිබදව රැක්ෂාන්ට තොරතුරු වාර්තා වූයේ කායන්කර්නි ප්‍රදේශයේ ජීවත්වන රංජි හා තිලකරත්න යන මහත්වරුන් හරහාය. ඔවුන් සඳහන්කල විස්තරයන් රැක්ෂාන් අප සමගපැවසුවේ ඔවුන් රුක්ෂාන්ට කියු වදන් වලින්මය.

මහත්තයෝ මුරුතාන් කැලේ ගල්ලෙන්, ගල් කණු ගොඩක් තියෙනවා. සමහර ඒවායෙ අකුරුත් කොටල තියෙනවා. අපි හේන් ගොවිතැන් කරන්න ඒ පළාතට යනකොට මේවා දකිනවා. හැබැයි එහේ යනවානම් උදේ පාන්දරම යන්න ඕනා. මොකද ඒ පළාතේ අලි වැහි වැහැල ඉන්නවා. උන් හරි දරුණු අලි. මිනිස්සු දැක්කාම වකුටුවෙලා පනින්නෙ.

ඉතිං අපි උදේ පාන්දරම පිටත් වුණා. කිරාන් වලින් හැරිල කිලෝමීටර් 20ක් පමණ පැමිණ මුරුතාන් වලට ලගාවීමට අපට හැකි විය. පාර බොහෝ සෙයින් අබලන්ය. බොරලු පාර දිගේ ඉදිරියට ඇදුනු අප මාර්ගයේ වූ සළකුණු දැක මවිතයට පත් විය. මහත්තයලට හිතාගන්න පුලුවන්නෙ මෙහෙ ඉදල තියෙන අලි ප්‍රමාණය. මග දෙපස අලි සිටිය බවට වන අඩි සලකුණු හා උන්ගේ අසූචි වලින් පිරී පැවතින. මෙතන අලිමංකඩක්. මීටර් 800ක පමණ තරම් ප්‍රමාණයක පාරේ සෑම තැනම අලි අඩි විය. ඊයෙ රෑ මෙතන අලි 250ක් වත් ඉදල තියෙනවා තිලකරත්න මහතා පැවසීය.

මහත්තයෝ මේ ලග අලින්ට මතුරන මනුස්සයෙක් ඉන්නවා අපි ඒ මනුස්සයත් එක්ක යන්න ඕන. මෙකද දැනුත් වෙලාව 10 පැනල.

ඉතිං අපි අලි මන්තර දන්න කනසන් නම් දමිළ මාමා කෙනෙක් හමුවීමට ගියෙමු. අපේ වෙලාව හොදයි ඔහු ගෙදර විය. අපට වාහනයට නගින්න කියා ඔහු ගෙයි පිලිකන්නට ගියේ කුමක් හෝ කෙම් ක්‍රමයකට බව අපට වැටහුනි. මිනිත්තු කිහිපයකට පසුව කිසිවක් නොකියාව ඔවු විත් වාහනයට ගොඩ විය. අපි යමු තිලකරත්න මහතා පැවසීය. නැවතත් බොරලු පාර දිගේ ඇදුනු වාහනය කුඩා අඩි පාරක් ලග නැවැත්වීය. මෙතන ඉදල කිලෝමීටර් 2ක් විතර කැලේ ඇතුලෙ පයින් යන්න ඕන. වන සතුන් හා මිනිසුන් භාවිතාකරන කුඩා අඩි පාරවල් සෑම තැනකම දකින්නට හැකි විය. ස්වභාවික පොකුණක් පසුකරමින් ඉදිරියට ඇදුන අප නටඹුන් සහිත භූමියට ලගා විය. එහි ප්‍රධානඝරයක නටඹුන් දැකිය හැකි විය. ඒ සමගම අපට සිහි වූයේ අරන්කැළය, රිටිගල, පුරාවිද්‍යා භූමීන්ය. කැටයම් රහිත විශාල ගල් පුවරු එහි දකින්නට විය. ඇතැම් තැනක නිදන් හොරුන් විසින් හාරා තිබිණ. ගල් පර්වතයට අලෙලා නිමවා තිබෙන ප්‍රධානඝරය වටා දිය අඟලක් විය. ඒ අසල වූ කඳු ගැටයමත ගල් ලෙන් කිහිපයකි.මෙහි කටාරම් කොටා තිබේ. මෙහි විවිධ සතුන් වාසය කල බවට සතුන්ගේ වසුරු අනුව පැහැදිලි කර ගත හැක. එම ගල් ලෙන් සංකීර්ණය පසුකර ඉදිරියට යනවාත් සමඟ තවත් ප්‍රධානඝරයක සළකුණු දැකිය හැකි විය.

මෙම සංකීර්ණය විහිදී ගිය වනවාසී ආරාම සංකීර්ණයක් බව පැහැදිලි ය. තවත් බොහෝ නටඹුන් මේ අවට විසිරී පවතින්නට පුලුවන. අවට වන විශාල ගස් හා ගල් මත අලි විසින් පිට ඇතිල්ලීමෙන් මඩ ගෑවීතිබෙන තැන් බොහොමයක්ද දැක ගත හැකි විය.

ඉන් පසු අප නැවත පැමිණ එතන සිට කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටි තවත් ලෙනක් වෙත ගියේය. මෙය තරමක කදු ගැටයක් මත පිහිටා ඇත. ගල් ලෙන බැලූ බැල්මය නයි පෙනයක් සේ දිස්වේ. මෙහි බ්‍රහ්මීය ශිලා ලේඛණයක් දැකිය හැකි විය. එසේම වැදි චිත්‍රද ගල් තලයේ දැක ගත හැකි විය. ගල් ලෙන අවට පරීක්ෂාකිරීමේදී පූජා සදහා භාවිතයට ගත් ටෙරාකොටා කැටයම් කැබලි දැකිය හැකි විය. මේ අතර ලිංග හා විවිධ සත්ව කොටස් විය.

මෙහි වන ශිලා ලිපිය පිටපත්කර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඔහු සදහන් කලේ ක්‍රි.පූ 3-1 අතර කාලයට ශිලා ලිපිය අයත් බවයි. එහි අර්ථය වන්නේ බර්තෘ (ප්‍රධාන) තිස්සගේ ලෙන පැමිණි නොපැමිනි සිව්දිග සංඝයාට දෙන ලදී යන්නයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...