වප් පෝදා පරකඩුවේදී අට මහා කුසල කර්මයක් | දිනමිණ

වප් පෝදා පරකඩුවේදී අට මහා කුසල කර්මයක්

මලලසේකර පදනම සහ ගුණ ජය සතුට පදනමේ බැතිබර දායකත්වයෙන් බුද්ධ ප්‍රතිමා සියයක් ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයේ තෝරාගත් බෞද්ධ බැතිමතුන් සිය දෙනකුට පරිත්‍යාග කිරීමේ පි්කමක් වප් පෝදා (05) පැවැත්විණි. පරකඩුව මංසන්ධියේ සිට දර්ශනීය පෙරහැරකින් පරකඩුව සුබසාධක සමිති ගොඩනැඟිල්ල වෙත වැඩම කෙරුණු බුද්ධ ප්‍රතිමා එහිදී පරිත්‍යාග කරනු ලැබිණි.

පරකඩුව විවේක සේනාසනාධිපති ශාස්ත්‍රපති තොරණගොඩ උපතිස්ස ශ්‍රී සුදර්ශනාරාමාධිපති ශාස්ත්‍රවේදී කැලෑගම්මන පියනන්ද ස්වාමීන් වහන්සේ මෙහිදී අනුශාසනා පැවැත්වූහ.

ප‍රකඩුව සුබසාධක සමිතිය මෙම පින්කම සංවිධානය කළේය. හිටපු ග්‍රාම නිලධාරී ෆීනික්ස් ආරියවංශ මහතා පින්කම සම්බන්ධීකරණය කළේය. මලලසේකර පදනම නියෝජනය කරමින් මනෝජ් දිවිතුරුගම මහතා පින්කමට සහභාගී විය. ගුණ ජය සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර, මලලසේකර පදනමේ සභාපති අෂාන් මලලසේකර මහත්වරුන්ගේ බැතිබර දායකත්වයෙන් සෑම පොහෝ දිනකම බුද්ධ ප්‍රතිමා සියයක් ප රිත්‍යාග කිරීමේ පින්කම පැවැත්වේ.

ඇහැලියගොඩ සමූහ කිත්සිරි රූපසිංහ 

නව අදහස දක්වන්න