අලි ගහන කැලේ දරුවන් පාසල් ගෙන යන ගජ මිතුරු බස් රථය | දිනමිණ

අලි ගහන කැලේ දරුවන් පාසල් ගෙන යන ගජ මිතුරු බස් රථය

ජාතික වනෝද්‍යාන අවට ගම්මානවල අලි මිනිස් ගැටුම අවම කර පාසල් දරුවන් සදහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදී පාසල් වෙත රැගෙන ගොස් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල දැමීමේ අරමුණ ඇතිව ආරම්භ කරනු ලැබු ගජ මිතුරු ප්‍රවාහන සේවය ප්‍රථම සංවත්සර සැමරුම පසුගිය 09 වන දින විල්ගමුව, හිඹිලියාකඩ ගම්මානයේදී සමරණු ලැබුවේ ගම්වාසින් හට ලබාදුන් සේවාව වෙනුවෙන් උපහාර පිදිම සදහාය. ගම්වාසින් විසින් මෙම උපහාර පිදීම සංවිධානය කර තිබු අතර ශ්‍රී ලංකා වනජීවි සංරක්ෂණ සංගමයේ සාමාජිකයන් හා බස්රථය සදහා මුල්‍යමය දායකත්වය සැපයු පිරිස ඇගයීමට ලක් කෙරිනි.

වස්ගමුව ජාතික වනෝද්‍යානය අවට ගම්මාන රැසක වෙසෙන ගම්වාසින් නිරන්තර මුහුණ දෙන ගැටලුවක් බවට පත්ව ඇත්තේ වන අලි ගම්වැද සිදු කරනා විනාශයන්ය. මේ හේතුවෙන් වන අලි හා ගම්වාසීන් අතර නිරන්තර සිදුවන ගැටීම් හේතුවෙන් දෙපාර්ශයේම සිදුවන ජීවිත හානි පසුගිය කාලය පුරා ඉහළ ගියේය.

ඊට විසදුමක් ලෙස මිනිසාට උදව් කිරම තුළින්න් අලි ඇතුන් සුරකිමු යන තේවාම යටතේ ශ්‍රී ලංකා වනජීවි සංරක්ෂණ සංගමය මගින් විල්ගමුව ප්‍ර දේශයේ වෙහෙරගල හා හිඹිලියාකඩ ගම්මානයේ පවුල් 80ක් සදහා ප්‍රවාහන පහසු කම් ලබාදෙමින් ආරම්භ කරනු ලැබු ගජ මිතුරු ප්‍රවාහන සේවය වසරක සේවා කාලයක් සම්පුර්ණ කරමින් ගම්වාසින් හට සිදු කළ අනුපමේය සේවය වෙනුවෙන් ගම්වාසින් උපහාර පිදිමක් සංවිධානය කරනු ලැබුවේ ඒ අනුවයි.

විශේෂයෙන් හිඹිලියාකඩ ගම්මානයේ සිට වෙහෙරගල ගම්මානය හරහා කිලෝමිටර් 08ක දුරක් වන දුර්ඝයන් මැදින් ගමන් කිරිමේදි මාර්ගය දෙපස වන අලි ගැවසෙන අලි මංකඩක් පිහිටිම පාසැල් දරුවන් පාසැල් කරා රැගෙන යෑම හා ඒම ගැටලුවක්ව පැවතිනි.

පාසල් දරුවන්ගේ යහපත සදහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙමින් ආරම්භ කරනු ලැබු ගජ මිතුරු බස් සේවාව තුළින් අඩුවෙමින් පැවති පාසල් දරුවන්ගේ පාසල් ගමන මේ වන විට ඉහල ගොස් ඇත. දරුවන්ගේ මවුපියන් හට වැඩි කාලයක් ගොවිබිම්වල රැදි සිටිමින් ගොවිතැන් කටයුතුවල නිරත වන්නට මේ හේතුවෙන් වැඩි කාලයක් ලැබී ඇත. එසේ නොමැති නම් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් දරුවන් රැගෙන උදැසන හා දහවල යෑමට සිදුවීමෙන් මවුපියන්ගේ ගොවිතැන් කටයුතු සදහා යෙදවිය යුතු කාලය සීමාසහිත විය.

ශ්‍රී ලංකා වනජීවි සංරක්ෂණ සංගමයේ වත්මන් සභාපති රවී කොරයා, හිටපු එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත ආචාර්යය පාලිත කොහොන, බස්රථය ලබාදීමට මුල්‍ය අනුග්‍රහය ලබාදුන් කොලොම්බෝ ජුවලරි අධිපති අක්‍රම් කාරිම් හා ෂර්මිලා කාසිම්, මෝෆෝ ආයතනයේ අධිපති ධනුෂ්කා අමරසේකර මහත්ම මහත්මීහු ගම්වාසීන්ගේ පැසසීමට හා ඇගයීමට ලක්විය.

මාපාකඩවැව සමූහ රංජිත් කරුණාවීර

නව අදහස දක්වන්න