සමස්ත ලංකා පාසල් ක්‍රීඩා රිටි පැනීමේ බාලක අාධිපත්‍ය උතුරට | දිනමිණ

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා රිටි පැනීමේ බාලක අාධිපත්‍ය උතුරට

ඒ.පුවිතාරන් අවුරුදු 18න් පහළ රිටි පැනීම ජයගනිමින් සහ අවුරුදු 20න් පහළ හෙල්ල විසිකිරීමේ ජය ලැබූ එස්.පී.පී.බවත්ත. ඡායාරූප - රංජිත් අසංක

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියට පළමු වරට එක්වු අවුරුදු 18න් පහළ බාලක රිටි පැනීමේ ඉසව්ව ජය ගැනීමට උතුරු පළාතේ චාවකච්චේරි හින්දු විද්‍යාලයේ ඒ.පුවිතාරන් සමත් විය. එම ඉසව්වේ අවුරුදු 20න් පහළ ඉසව්වද උතුරු පළාතේම නෙප්ලි ජේසන් (අරුණෝදය විදුහල) දිනාගත්තේ රිටි පැනීමේ බාලක ආධිපත්‍ය උතුරට හිමිකර දෙමිනි.

එහි අවුරුදු 20න් පහළ බාලිකා ජය මීගමුව නිවුස්ටඩ් බාලිකාවේ දෙනෙති නිමායා දිනාගත් අතර 18න් පහළ ඉසව්ව අද පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ තෙවැනි දිනයවූ ඊයේ පෙරවරුවේ පැවැති අවුරුදු 20න් පහළ හෙල්ල විකිරීමේ ඉසව්ව ජය ගැනීමට අකුරම්බෝඩ වීර කැප්පෙටිපොල විද්‍යාලයේ එස්.පී.පී.බවන්ත සමත්වූ අතර කදාන ද මැසනෝද් විද්‍යාලයේ ජී.ඩී.පසිඳු සිහින සිතුමිණ අවුරුදු 16න් පහළ දුර පැනීමේ ජය හිමිකර ගත්තේය.

අවුරුදු 14න් පහළ යගුලිය විසි කිරීමේ බාලක ඉසව්ව ජය ගැනීමට කොළඹ සාන්ත ජෝශප් විදුහලේ නවීන් විශ්වජිත් සමත්වු අතර එම වයස් කාණ්ඩයේ උස පැනීමේ බාලිකා ඉසව්ව ජය ගැනීමට කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ ආර්.එම්.ආර්.එස්.සිරිවර්ධන සමත් වූවාය.

දින 5ක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගාවලියේ සිවුවැනි දිනය වන අද (14) අවසන් තරග ඉසව් 17ක් පැවැත්වෙන අතර අවසන් දිනය වන හෙට (15) තරග 27ක් පැවැත්වීමට නියමිතය.

 

නව අදහස දක්වන්න