දේශපාලනයට ගිය හොලිවුඩ් තරු | දිනමිණ

දේශපාලනයට ගිය හොලිවුඩ් තරු

දේශපාලඥයන් වුණු හොලිවුඩ් තරු ගැන කතාබහේදී මුලින්ම සිහිවෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ 40 වැනි ජනපතිධුරය හෙබවූ රොනල්ඩ් රේගන්. 1981 වසරේ සිට 1989 දක්වා ඔහු විසින් අමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ධුරය හෙබවූ අතර වැඩියෙන්ම ප්‍රසිද්ධ දේශපාලඥයකු වූ තරුව වන්නේද ඔහුයි. වර්තමානයේදීත් අමෙරිකා එක්සත් ජනපදය පාලනය කළ ජනපතිවරුන් අතරින් ජනප්‍රියම ජනපතිවරු පස් දෙනා අතරේ ඔහුගේ නම කියවෙනවා.

හොලිවුඩ් තරු තොරතුරු සොයා යන ගමනේදි පසුගිය කාලයේ අපට විවිධාකාර රසවත් තොරතුරු රැසක් දැන ගන්න අවස්ථාව ලැබුණා. පසුගිය සතියේ අපට හමු වුණේ බෞද්ධ දර්ශනය අනුගමනය කරන හොලිවුඩ් තරු කවුරුන්ද යන්නයි. අද අපට හමු වුණේ හොලිවුඩයෙන් දේශපාලනයට ගිය ජනප්‍රිය තරු කිහිපයක්.

දේශපාලඥයන් වුණු හොලිවුඩ් තරු ගැන කතාබහේදී මුලින්ම සිහිවෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ 40 වැනි ජනපතිධුරය හෙබවූ රොනල්ඩ් රේගන්. 1981 වසරේ සිට 1989 දක්වා ඔහු විසින් අමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ධුරය හෙබවූ අතර වැඩියෙන්ම ප්‍රසිද්ධ දේශපාලඥයකු වූ තරුව වන්නේද ඔහුයි. වර්තමානයේදීත් අමෙරිකා එක්සත් ජනපදය පාලනය කළ ජනපතිවරුන් අතරින් ජනප්‍රියම ජනපතිවරු පස් දෙනා අතරේ ඔහුගේ නම කියවෙනවා. ජනපති ධුරයට පිවිසෙන්න ප්‍රථමව ඔහු විසින් කැලිෆෝනියාවේ ආණ්ඩුකාරධුරය ද හෙබවීය. හොලිවුඩ් නළුවකුව සිටි කාලයේදී වෝනර් බ්‍රදර්ස් සමාගම සමඟින් වසර හතක ගිවිසුමකට එළැඹී තිබෙනවා. Dark Victory, Knute Rockne, Kings Row, Santa Fe Trail, All American වැනි චිත්‍රපට ඇතුළුව 1937 සහ 1964 පමණ කාලය තුළ චිත්‍රපට හැත්තෑවකට අධික සංඛ්‍යාවකට රොනල්ඩ් රේගන්ගේ රංගන දායකත්වය හිමි වී තිබේ. චිත්‍රපට පමණක් නොව රූපවාහිනි කතාමාලා ද විස්සකට අධික සංඛ්‍යාවකට ඔහු රංගනයෙන් දායක වී තිබීම විශේෂත්වයක්.

දේශපාලනයට පිවිසි මෑත කාලයේදී අපි හොඳීන්ම දන්නා නළුවා වෙන්නේ ආනෝල්ඩ් ස්වාසනේගර්. ඔස්ට්‍රියානු - අමෙරිකානු ජාතික ස්වාසනේගර් නළුවෙක් පමණක් නොව නිෂ්පාදකයෙක්, ලේඛකයෙක්, ව්‍යාපාරිකයෙක්, ආයෝජකයෙක්, වෘත්තීය කායවර්ධන සූරයෙක් ලෙසින්ද විශේෂයි. දේශපාලනයට පිවිසි ඔහු 2003 වසරේ සිට 2011 දක්වා කාලය තුළ කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූවා. ස්වාසනෙගර්හට හොලිවුඩ් තරු මාවතේ තරුවක් ද හිමියි. 1970 සිට තවමත් හොලිවුඩයේ විවිධ චරිත මවන ඔහුගේ චිත්‍රපට ගැන අමුතුවෙන් කිව යුතු වෙන්නේ නැහැ. ඔහු සිනමාවේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත්තේ Commando (1985) චිත්‍රපටයෙන්. පසුකාලීනව Terminator චිත්‍රපට මාලාව Predator (1987),Total Recall (1990),The Expendables ඇතුළුව ක්‍රියාදාම චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වුණා.

ජෝර්ජ් ලොයිඩ් මර්ෆි අමෙරිකානු නර්තන ශිල්පියෙක්, නළුවෙක්ව සිට දේශපාලඥයෙක් වුණු තරුවක්. රොනල්ඩ් රේගන් සහ ආර්නෝල්ඩ් ස්වාසනේගර් හැරුණාම කැලිෆෝනියාවෙන් සෙනෙට් සභාවට තේරී පත් වුණු හොලිවුඩ් තරුව සේම, හොලිවුඩ් තරු මාවතේ තරුවක් හිමි එකම සෙනෙට් සාමාජිකයා වන්නේ ද ඔහුයි. රංගන ක්ෂේත්‍රය තුළ ඔහු ක්‍රියාකාරි වූයේ 1930 සට 1952 අතර කාලයේදීයි. එකල හොලිවුඩයේ ඉහළ වියදමක් දරා නිර්මාණය කළ සංගීතමය චිත්‍රපටවල ඔහු ගීත ගයමින් නර්තනයේ යෙදුණා. Little Nellie Kelly, Two Girls on Broadway, Ringside Maisie, Tom, Dick and Harryඔහු රඟ පෑ චිත්‍රපට අතුරින් කිහිපයක්. ජෝර්ජ් ලොයිඩ් මර්ෆි ඔස්කාර් ගෞරව සම්මානයකින් ද පිදුම් ලැබූවෙක්.

අමෙරිකානු නළුවෙක්, චිත්‍රපට නිර්මාණ කරුවෙක්, සංගීතඥයෙක් වන ක්ලින්ට් ඊස්ට්වුඩ් ද දේශපාලනයට පිවිසියා. කැලිෆෝනියාවේ කාමෙල් බයි ද සී නගරයේ නගරාධිපති ධුරයට පිවිස කටයුතු කිරීම සේම විවිධ අයුරින් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරීත්වය කැපී පෙනෙනවා. ඊස්ට්වුඩ් ඉහළ ජනප්‍රියත්වයක් ලැබූයේ, 1960 දශකයේ, A Fistful of Dollars (1964), For a Few Dollars More (1965) and The Good, the Bad and the Ugly (1966) චිත්‍රපට ත්‍රිත්වයෙන්. එක්තරා යුගයක සිනමාවේ යුග පුරුෂයකු ලෙසින් විශේෂව සිනමා සංකේතයක් ද ලෙසින් හැඳීන්වෙන ඊස්ට්වුඩ්, හොඳම අධ්‍යක්ෂ සහ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානයෙන් කිහිප වරක්ම පිදුම් ලබා තිබීම ද විශේෂයි. ඒ A Unforgiven(1992), Million Dollar Baby  (2003) වැනි චිත්‍රපට වෙනුවෙන්.

හොලිවුඩ් තරුවක් වන ජෙසී වෙන්චුරා ද මිනෙසෝටා ප්‍රාන්තයේ ආණුඩුකාර ධුරය හොබවමින් දේශපාලන කරළියට පිවිසි අයෙක්. ඔහු හොලිවුඩයට පැමිණෙන්නට පෙර වෙනත් ක්ෂේත්‍ර කිහිපයකම ක්‍රියාකාරීව සිටි අයෙක්. වෘත්තීය මල්ලවපෙර ක්‍රීඩකයකු වූ වෙන්චුරා, දේශපාලඥයෙක් වගේම නළුවෙක්, රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, ලේඛකයෙක්, නාවික හමුදා නිලධාරියෙක් ද වෙනවා. රිෆෝම් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ ඉහළ තනතුරකට පැමිණි එකම පුද්ගලයා වන්නේ ද ඔහුයි. වියටිනාම යුද්ධයේදී ඔහු අමෙරිකානු නාවික හමුදාවේ දිය යට පිපුරුම් කණ්ඩායමේ සාමාජිකයෙක් ද වුණා. මල්ලවපොර වෘත්තියට සමු දෙමින් ඔහු සිනමාවට Predator, The Running Man වැනි චිත්‍රපට සමඟින්.

 

නව අදහස දක්වන්න