සයිටම් ගැටලුවට විසඳුමක් දෙන්න | දිනමිණ

සයිටම් ගැටලුවට විසඳුමක් දෙන්න

අසේල කුරුළුවංශ

මහනායක හිමිවරු අගමැතිගෙන් ඉල්ලති

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ට එකඟ විය හැකි විසඳුමක් කඩිනමින් ලබා දෙන ලෙස මහනායක හිමිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.මේ වනවිට වෛද්‍ය පීඨ පිඨාධිපතිවරු අටදෙනා විසින් යොමුකොට ඇති යෝජනා ද නම්‍යශීලිව සලකා බලා කාටත් එකඟවිය හැකි විසඳුමකට කඩිනමින් එළඹිය යුතු බව ද උන්වහන්සේලා එහි සඳහන් කොට තිබේ.

මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි මහනායක ස්වාමින්වහන්සේලා ඉදිරිපත්කළ ලිඛිත ඉල්ලීමෙහි මෙසේද සඳහන් වේ.

සයිටම් විද්‍යායතනය මුල්කරගනිමින් පන නැ‍ඟී ඇති අර්බුදය රටට හිතකර එකක් නොවන අතර එය, සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව, සාමාන්‍ය මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට ද බලවත් හානියක් ඇති කරමින් තිබේ.

එබැවින් මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගත යුතුය.


නව අදහස දක්වන්න

Or log in with...