ආසියානු රොටැක්ස් මැක්ස් 6 වැනි වටයේ ජය එෂාන්ට | දිනමිණ

ආසියානු රොටැක්ස් මැක්ස් 6 වැනි වටයේ ජය එෂාන්ට

 රොටැක්ස් මැක්ස් ආසියානු අභියෝගතා කාර්ටින් ශූරතා තරගාවලියේ 6 වැනි වටයේ ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට මෝටර් රථ ධාවන ශූර එෂාන් පීරිස් සමත්විය. පසුගියදා මැලේසියාවේදී පැවැති මේ තරගාවලියේ ජයග්‍රහණය මෙන්ම මේ වසරේ නිමාවට පත්වූ වට හයකින් සමන්විත සමස්ත ශූරතාවලියේ දෙවැනි ස්ථානයත් ඔහු අත්කර ගත්තේය. සමස්ත තරගාවලියේ පළමු ස්ථානය ඉන්දුනීසියාවේ ප්‍රසෙට්යෝ හර්ඩ්ජා දිනාගත්තේ එෂාන්ට වඩා ලකුණු 2ක් පමණක් ඉදිරියෙන් සිටීමෙනි.

ෆෝමියුලා 1තරගවලට සමගාමීව මැලේසියාවේ පැවැති ෆෝමියුලා 4 තරගවලට පළමු වරට සහභාගි වූ එෂාන් විවෘත වීල් රේසිං කාණ්ඩයේ තුන්වැනි ස්ථානයත්, දකුණු ආසියානු ෆෝමියුලා 4 තරගය සඳහා හොඳම රොකී සම්මානයත් හිමිකර ගැනීමට ද සමත්විය.

ඩී.ඩී. 2 පන්තියේ ධාවකයකු වන එෂාන් රොටැක්ස් මැක්ස් ආසියානු අභියෝගතා කාර්ටින් 6 වැනි වටයේදී පළමු තැනට පත්වූයේ ඉන්දුනීසියාවේ සෙන්නා එස්.එන් සහ ප්‍රසෙට්යෝ හර්ඩ්ජා පරාජය කරමිනි. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආදිශිෂ්‍යයකු වන එෂාන් මැලේසියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ උපාධි අපේක්ෂකයකි. ඔහු මැලේසියාවේ ආර්. එල්. කාර්ටින් කණ්ඩායම නියෝජනයකරමින් තරගාවලිය සඳහා සහභාගී විය. 

නව අදහස දක්වන්න