ඉන්ධන මිල වැඩි කරන්නේ නෑ | දිනමිණ

ඉන්ධන මිල වැඩි කරන්නේ නෑ

ඉන්ධන මිල වැඩිකිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) සඳහන් කළාය. ඉන්ධන මිල වැඩිකිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් විසින් ඉල්ලීම් කර ඇතත් ඉන්ධන මිල වැඩිකිරීමට රජය තීරණයක් ‍ගෙන නැති බව ඇමැතිවරිය සඳහන් කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේ බව පැවසුවාය.

මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1252ක් ඇති බවත් ඉන් 212ක් පෞද්ගලික අංශයට අයත් බවත් ඇමැතිවරිය කීවාය. එමෙන්ම දැනට පවතින ඉන්ධන පිරවුම්හල්වලින් 204 ක් අක්‍රීය තත්ත්වයේ ඇති බව ද ඇමැතිවරිය සඳහන් කළාය.

නව අදහස දක්වන්න