කල්පිටියට ආ යෝද තල්මසා | දිනමිණ

කල්පිටියට ආ යෝද තල්මසා

යෝද තල්මස් දේහයක්, කල්පිටිය කුඩාව, මුහුදු තීරයට ඊයේ රාත්‍රියේ (17 ) ගොඩ ගසා තිබිණි.
 
අඩි හැටක් පමන දිගැති, අඩි තිහක පමණ පලලැති, Spaem well නමින් හදුන්වනු ලබන මෙම තල්මසාගේගේ සිරුර බාහිර තුවාල නොවී ය. 
 
මෙම තල්මස දේහය පිළිබදව අදහස් දැක්වූ, ධීවර ව්‍යාපාරිකයෙක් වන සුගත් එමානුවෙල් මහතා පැවසුවේ,එදින පෙරවරුවේ මෙම තල්මස් දේහය වෙරළේ සිට කිලෝ මීටරයක් පමණ දියඹ මුහුදේ පාවෙමින් පැවැති බවය.
 
දේහය ගොඩට ගැනීමට කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල්ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන්, ප්රදේශවාසී,සිංහල දමිළ සහ මුස්ලිම් ජනතාව තුන් සියයකට ආසන්න ජනතාවක්,එක් රැස්වබැකෝවක ආධාරයෙන්, යෝද,තල්මස් දේහය ගොඩට ගැනීමට බළවත් පරිශ්‍රමයක්  දරණ ලදී.
 
මෙම තල්මස් දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව, කල්පිටිය වණ ජීවී අඩවි වන ආරක්ෂක එම්.එම්.කේ. මොරතැන්න, මහතා පැවසුවේ ය.
 
මෙම දැවැන්තයාගේ සිරුර තුළ අම්බර නම් වටිනා යමක් ගබඩා වී ඇති බවට ධීවරයෝ සැක පහළ කරති.
 
(කල්පිටිය සමූහ)
 

නව අදහස දක්වන්න