බ්‍රයන් සහ කෙවින් රොදර්හැම් තරග බිමේ දස්කම් දක්වති | දිනමිණ

බ්‍රයන් සහ කෙවින් රොදර්හැම් තරග බිමේ දස්කම් දක්වති

 කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේ පසුගියදා පැවැති රොදර්හැම් මාණ්ඩලික මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ ෆෝමියුලා කාණ්ඩයේ ශුරතාව දිනාගැනීමට සුපිරි ධාවන ශූර බ්‍රයන් පෙරේරා සමත්වෙද්දී එහි දෙවැනි ස්ථානය ඔහුගේ සොයුරු කෙවින් පෙරේරාට හිමිවිය.

තරගයේ 6 වැනි සහ 7 වැනි පෙළගැස්ම අනුව තරගයට පිවිසි මේ දෙසොයුරන්ගෙන් වඩා හොඳ ආරම්භයක් ලබාගත් බ්‍රයන් පෙරේරා තරගයේ දෙවැනි වටයේදීම දෙවැනි තැනට පත්වෙමින් සෙසු තරගකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කළේය. සාර්ථක ආරම්භයක් ලබා නොගත් ඔහුගේ සොයුරු කෙවින් ආරම්භයේදී තරමක් පසුබෑමකට ලක්වූවත් පස්වැනි වටයේදී ඉදිරියට පැමිණීමට සමත්වීම කැපී පෙනුණි.

ඒ වනවිට දෙවැනි ස්ථානයේ පසුවූ චන්දිම ගුණරත්නට දැඩි අභියෝගයක් එල්ල කළ කෙවින් තරගයේ අවසන් මොහොතේදී දෙවැනි තැන උදුරා ගැනීමට සමත්විය.

නව අදහස දක්වන්න