ඩී.එස්.අයි.සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් අවසන් තරග 23-24 | දිනමිණ

ඩී.එස්.අයි.සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් අවසන් තරග 23-24

 ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සම්මේලනය සහ අධ්‍යාපනය අමාත්‍යාංශය එක්ව මෙහෙයවනු ලබන 17 වැනි ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් තරග මේ මස 23 සහ 24 දෙදින මහරගම ජාතික තරුණ සේවා සභාවේ වොලිබෝල් පිටියේදී පැවැත්වෙයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන අවසන් තරගවලට මෙවර පළමුවරට හඳුන්වා දුන් අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයේ තරග ද ඇතුළත්ය.

අවසන් තරග පැවැත්වෙන පළමු දිනය වන 23 වැනිදා අවුරුදු 15න් පහළ සහ 17න් පහළ බාලිකා සහ අවුරුදු 15න් පහළ බාලක තරග පැවැත්වෙයි.

දෙවැනි දිනය වන 24 වැනිදා අවුරුදු 13න් පහළ, 17න් පහළ හා 19න් පහළ බාලක තරග මෙන්ම අවුරුදු 13න් පහළ හා 19න් පහළ බාලිකා තරග ද පැවැත්වීමට නියමිතය.

ඩී.එස්.අයි. සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ අවසන් තරග නොවැම්බර් මස 4 සහ 5 දෙදින ජාතික රූපවාහිනිය ඔස්සේ පෙරවරු 9.00 සිට විකාශය කෙරේ.

අවසන් තරග සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම්

බාලක-අවුරුදු 13න් පහළ

රාජසිංහ මැදි විදුහල රුවන්වැල්ල සහ සාන්ත ෂේවියර් විදුහල මාරවිල

අවුරුදු 15න් පහළ

රාජසිංහ මැදි විදුහල සහ සාන්ත ෂේවියර් විදුහල

අවුරුදු 17න් පහළ

සාන්ත ෂේවියර් විදුහල සහ විජයබා ජාතික පාසල හුංගම

අවුරුදු 19න් පහළ

රාජසිංහ මැදි විදුහල සහ ධම්මිස්සර ජාතික පාසල නාත්තන්ඩිය

බාලිකා

අවුරුදු 13න් පහළ

උහන තිස්සපුර විදුහල අම්පාර සහ රාජකීය විදුහල ත්‍රිකුණාමලය

අවුරුදු 15න් පහළ

විජයබා ජාතික පාසල සහ උහන තිස්සපුර විදුහල

අවුරුදු 17න් පහළ

රත්නපාල මහා විද්‍යාලය මහඋස්වැව සහ ගලිගමුව මැදි විදුහල කෑගල්ල

අවුරුදු 19න් පහළ

විජයබා ජාතික පාසල සහ ගලිගමුව මැදි විදුහල 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...