වතුකරයේ නිවාස 3760කට හිමිකම් ඔප්පු | දිනමිණ

වතුකරයේ නිවාස 3760කට හිමිකම් ඔප්පු

 වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදිකර ඇති නිවාස 3760ක් සඳහා හිමිකම් ඔප්පු ලබා දීමට පියවර ගැනේ.

'හරිත රන්' නිවාස වැඩසටහන යටතේ ඉදි කෙරෙන නිවාස 2551ක්, මේ වසරේ ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල් සඳහා ඉන්දියානු ප්‍රදාන යටතේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ නිවාස 1134ක් සහ 2015 ආපදා හේතුවෙන් නිවාස අහිමිවූ පුද්ගලයන් සඳහා තාවකාලික භුක්තිය යටතේ මීරියබැද්ද නිවාස ව්‍යාපෘතියෙන් ලබා දී ඇති නිවාස 75ක් සඳහා මෙසේ හිමිකම් ඔප්පු ලබා දීමට සැලසුම් කර තිබේ. එම ඔප්පු නිකුත් කිරීම සඳහා අදාළ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වන ඉඩම් කොටස් ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙතින් නිදහස් කර ගැනීම සඳහා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

වතු ආශ්‍රිතව ලයින් කාමරවල ජීවත්වන ජනතාවට නිරවුල් ඔප්පු සහිත නිවාස පහසුකම් ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

නව අදහස දක්වන්න