අතින් මිරිකා පොල් කිරි ලබා ගැනීමේදී සියයට 40ක් අපතේ | දිනමිණ

අතින් මිරිකා පොල් කිරි ලබා ගැනීමේදී සියයට 40ක් අපතේ

මේ දිනවල වෙළෙඳපොළේ පවතින පොල් මිල ඉහළ යෑමත් සමඟින් පොල් පිළිබඳව පාරිභෝගික ජනයා ද දැඩි අවධානය යොමු කළ යුතු බව පොල් පර්යේෂණ ආයතනයේ ප්‍රකාශකයෙක් පැවැසීය. ඒ අනුව පොල් පර්යේෂණ ආයතනය පොල් පරිභෝජන ජනයාගෙන් ඉල්ලීමක් කරන්නේ අරපරෙස්සමින් පොල් පරිභෝජනය කරන ලෙසයි.

විශේෂයෙන් ගෘහාශ්‍රිත පොල් පරිභෝජනයේදී අතින් මිරිකා පොල් කිරි ලබා ගැනීමේදී 40%ක පමණ ප්‍රමාණයක් අපතේ යන බව පොල් පර්යේෂණ ආයතනය කළ පර්යේෂණවලදී හෙළිවී තිබේ. එම නිසා ගෘහාශ්‍රිත පොල් පරිභෝජනය කරන්නන්ගෙන් පොල් පර්යේෂණ ආයතනය ඉල්ලා සිටිනුයේ හැකි සෑම විටම පොල් ගා වියළා පොල් පමණක් යොදා බ්ලෙන්ඩර් කරගැනීමෙන් අනතුරුව සෑදෙන පොල් තලපය පැකට් කර හෝ බෝතල්වල අසුරා පසුව අවශ්‍ය පරිදි වතුර එක්කර පොල් කිරී ලබා ගැනීමට උත්සුක වන ලෙසයි.

එය මේ දිනවල රටේ පවතින පොල් හිඟය සහ පොල් මිල ඉහළ යෑමට යම් තරමක හෝ සහනයක් වන්නේසාමාන්‍යයෙන් එලෙස පොල් පරිභෝජනය කළහොත් පොල් ගෙඩි දෙකකින් ලබාගන්නා කිරි ප්‍රමාණය එක් ගෙඩියකින් ලබාගැනීමට හැකි බව පර්යේෂණවලදී හෙළිවී තිබෙන නිසයි. 

අමිල මලවිසූරිය

නව අදහස දක්වන්න