විශ්ව-නෙවිඳු ජෝශප් වාස් විදුහලට ජය ගෙනෙති | දිනමිණ

විශ්ව-නෙවිඳු ජෝශප් වාස් විදුහලට ජය ගෙනෙති

විශ්ව පාරමී හා නෙවිඳු රශ්මිකගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ගිරිඋල්ල වික්‍රමශීලා විදුහල සමග වෙන්නප්පුවේ පැවැති අන්තර් පාසල් අවුරුදු 13න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගයෙන් ලකුණු 289 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට වෙන්නප්පුව සාන්ත ජෝශප් විදුහල සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජෝශප් වාස් විදුහල කඩුලු 5කට ලකුණු 212 ක් ලබාගත් අතර නෙත්මාල් ද සොයිසා ලකුණු 95 ක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වික්‍රමශීලා විදුහලට පළමු ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 16 ක් පමණි. පන්දු යැවීමේදී විශ්ව පාරමී ලකුණු 11කට කඩුලු 6ක් හා නෙවිඳු රශ්මික ලකුණු 4කට කඩුලු 4ක් දවාගත්හ. දෙවැනි ඉනිමේදී ජෝශප් වාස් විදුහල කඩුලු 5ක් දැවී ලකුණු 114 ක් රැස්කරමින් වික්‍රමශීලා විදුහලට ලකුණු 320ක් ඉලක්කයක් ලබාදුන්නේය. එම ඉලක්කය හඹාගිය වික්‍රමශීලා විදුහලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 21ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ විශ්ව පාරමී හා නෙවිඳු රශ්මික කඩුලු 5 බැගින් බිඳ දැමීමට සමත් වූහ.

ජෝශප් වාස් විදුහල් පළමු ඉනිම - 221/5. නෙත්මාල් ද සොයිසා 95, මෙනුෂ පෙරේරා 49, විශ්ව පාරමී 30 (ක්‍ෂිතිජය විජේසිංහ 54/2) සහ දෙවැනි ඉනිම - 114/5. නෙත්මාල් ද සොයිසා 46, උවින් චන්දීප 34, මෙනූෂ පෙරේරා 31 (රොෂේන් මදුෂික 51/3)

වික්‍රමශීලා විදුහල් පළමු ඉනිම - 16. (විශ්ව පාරමී 11/6, නෙවිඳු රහ්මික 4/4) සහ දෙවැනි ඉනිම - 21. (විශ්ව පාරමී 5/5, නෙවිඳු රශ්මික 11/5)

ඩිල්වින් මෙන්ඩිස් මොරටුව ක්‍රීඩා 

 

නව අදහස දක්වන්න