සමාජයේ දෑස් පෙනෙන අයට වඩා අන්ධ අය ලෝකය නිවැරදිව දකිනවා | දිනමිණ

සමාජයේ දෑස් පෙනෙන අයට වඩා අන්ධ අය ලෝකය නිවැරදිව දකිනවා

පොලිස්පති පූජිත් ජයසුන්දර

සමාජයේ දෑස් පෙනෙන අයට වඩා දෘශ්‍යා බාධ අය ලෝකය නිවැරදිව, යථාර්ථවාදීව දකින බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

ජාතික සුදු සැරයටි දිනය 2017 සමරමින් පසුගිය දා (20) කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සයට එක් වෙමින් පොලිස්පතිවරයා එම අදහස් පළ කෙළේය. දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය මඟින් පැවැත් වු මේ උත්සවයේ දී දෘශ්‍යාබාධිත අය වෙත පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අතින් සුදු සැරයටි පරිත්‍යාග කෙරිණි.

එහිදී පොලිස්පති වරයා මෙසේ ද සඳහන් කෙළේ ය.

රට පුරා විසිර සිටින දෘශ්‍යාබාධිත සහෝදර සහෝදරියන් සම්බන්ධ යම් අවශ්‍යතාවයක දී ගැටලුවකදී පොලිසිය සෑම විටම ප්‍රමුඛස්ථානය දී කටයුතු කිරීමට සූදානම්. නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ 85000ක් පමණ නිලධාරින් සංඛ්‍යාවක් සිටින අතර මේ වන විට පොලිස් ස්ථාන 487ක් ස්ථාපිත කර තිබෙනවා. ලබන වසර වන විට එය 600ය දක්වා වැඩි කිරීමට සැළසුම්කර තිබෙනවා. මේ සියලු පොලිස් ස්ථානවල නීතිය හා සාමය රකින නිලධාරීන් ඔබ සමඟ සිටිනවා.

ඒ අය ඔබට ශක්තියක් ලෙස අවශ්‍ය සෑම විටම ඔබේ ආරක්ෂාවට සිටින අතර ඔබට උදව් උපකාර ලබාදීමටත්, මඟ පෙන්වීමටත් ඒ අය නිරන්තරයෙන් සූදානමින් සිටිනවා.

සාමාන්‍ය ජනතාව අතර දෘශ්‍යාබාධ ඔබ සමහර අනෙකුත් මිනිසුන් තුළ නැති බොහෝ යහපත් සිතුවිලි ක්‍රියාකාරක්ම තිබෙනවා. සමහරු නමින් පමණයි මනුෂ්‍යයන් , පහත්ක්‍රියා කරනවා. ඒ අය අතර ඔබලා විශිෂ්ටයි.

ඔබට සිදුවන පීඩාවන් අසාධාරණකම් හමුවේ ඔබේ සුවිශේෂී බව විශේෂත්වයක් ලෙස සලකා ඔබ වෙනුවෙන් පෙනී සිටීමට සියලු නිලධාරීන් කටයුතු කරන බවට පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් මා පොරොන්දු වෙනවා.

මාස සමස්ත සමාජය හමුවේ සියලු දෙනා අතර කළ වැඩපිළිවෙළක් අද සාර්ථක ව තිබෙනවා. ඒ අනුව දින කිහිපයකට පෙර සිදුවීට ගිය අපරාධ දෙකක් ඉක්මනින් හෙළිකරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා . මේ පිළිබඳ විද්‍යුත් මුද්‍රිත සියලු මාධ්‍ය හරහා පණිවිඩය ලබා දුන්නා . ඒ අනුව ජනතාව කළ දැනුම් දීම් අනුවයි මේ අපරාධ හෙළිකර ගැනීමට හැකි වුනේ.

සාමාන්‍ය ජනතාවට යම් අවස්ථාවක දැරිය නොහැකි හදිසි පීඩා දැරිය නොහැකි තත්ත්වයන් තිබෙන අවස්ථාවක නිසි ලෙස ප්‍රතිපල නොලැබේ නම් අපරාධ, වංචා හෝ පාරිසරික දූෂණ , නාස්ති මහා පරිමාණ තත්ත්වයක දී හදිසි තොරතුරු ලබා දීමට පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ දුරකථක අංක ලබා දීමට කටයුතු කළා. එමගින් කෙළිනම් මටත් ඉහළ නිරධාරීන්ටත් කතා කළ හැකියි. මහාපරිමාණයෙන් කරන අපරාධ ඕපදුප නොවන ඒවා එමගින් ලබා දීමෙන් සියල්ලටම නැතත් අත්‍යවශ්‍ය දේට වගකිව යුතු යමක් කළ හැකියි.

පොලිස් නිලධාරියකුගේ අවඥා දසහගත ක්‍රියාවක් පිළිබඳ කටයුතු කන්න හැකි වු අතර ඒ පිළිබඳ නිත්‍යානුකූල පියවර ගැනීමට හැකි වුණා . නීතිය රකින්නා පළමුවෙන් ගුණ ගරුක විය යුතුයි.

මේ අනුව පොලිස්පති ලෙස මගේ පෞද්ගලිකව පාවිච්චි කරන ජංගම දුරකථන අංක වන 0717582222 හා 0718591002 වෙත ඔබටත් එවැනි තොරතුරු ලබා දිය හැකියි. ඔබට සිදුවන අසාධාරණ ක්‍රියා සම්බන්ධයෙන් මේ මගින් දැනුම් දීමෙන් ඉක්මන් පියවර ගැනිමට මා ක්‍රියාත්මක වනවා.

දෘශ්‍යාබාධ ඔබ මේ සමාජයේ දෑස පෙනෙන අයට වඩා ලෝකය නිවැරදිව යථාර්ථවාදීව, ඇත්ත ඇති සැටියෙන් දකින බව මා සක්සුදක් සේ දන්නවා . මෙය මගේ පෞද්ගලික මතය මෙන්ම මගේ දැනුම අනුව හඳුනාගත් දෙයක්.

දෘශ්‍යාබාධිත සම්මේලනයේ සභාපති නවරත්න මුදියන්සේ ,කොළඹ විශ්විද්‍යාලයේ දේශපාලන අංශයේ කථිකාචාර්ය ධම්ම දිසානායක මහත්වරුද මෙහිදී අදහස් දැක් වූහ. දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ මහතා හා සමාජ සේවා දේපාර්තමේන්තු නිලධාරීන් ඇතුලු පිරිසක් හා දෘශ්‍යාබාධ සහිත විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

චන්ද්‍රිකා පෙරේරා, චන්දිමා කරුණාරත්න
ඡායාරූපය - සිරිපාල හල්වල 


නව අදහස දක්වන්න

Or log in with...