පුනරුද අරමුදලේ මූල්‍ය පරිත්‍යාග ජනපතිට භාරදෙයි | දිනමිණ

පුනරුද අරමුදලේ මූල්‍ය පරිත්‍යාග ජනපතිට භාරදෙයි

ශ්‍රී  ලංකාවේ දුර බැහැර ප්‍රදේශවල අඩුපහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවා තිඛෙන බෞද්ධ පුනරුද අරමුදල සදහා මූල්‍ය පරිත්‍යාග භාරදීම අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
 
ගෞරවණීය ස්වාමින් වහන්සේ, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුථ ආයතන කිහිපයක් විසින් සිදුකරන ලද මූල්‍ය පරිත්‍යාග මෙහිදී නිල වශයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.
 
 
පූජ්‍ය මහාචාර්ය ඛෙල්ලන්විල විමලරතන නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය පැල්පොල විපස්සි ස්වාමින් වහන්සේ, පූජ්‍ය මීගහතැන්නේ චන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝතරන්ය ද, ව්‍යාපාරිකයින්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන් ඇතුථ පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න