මෙගා බෝතලයෙන් ලෑම්ප් ෂේඩ් එකක් හදමු | දිනමිණ

මෙගා බෝතලයෙන් ලෑම්ප් ෂේඩ් එකක් හදමු

ප්ලාස්ටික් මෙගා බෝතලයෙන් ලෑම්ප් ෂේඩ් එකක් නිර්මාණය කර ගන්න පුළුවන් කියලා ඔබ හිතලවත් තියෙනවාද? මේ නිර්මාණය සඳහා කොළ හෝ දුඹුරු පැහැති මෙගා බෝතල් කිහිපයක් යොදා ගන්නවා නම්, අලංකාරත්වය වැඩි වේවි. මුලින්ම මෙගා බෝතල් ටිකෙන් කොළ හෝ මල් හෝ තමන් කැමැති හැඩතලයක් කපා ගන්න ඕනෑ. මුවහත් තලයක්, කතුරක් ආධාරයෙන් කපා ගත් හැඩතල, කම්බි කූරක් රත් කර ගැනීමෙන් තවත් හැඩ කර ගන්න පුළුවන්. හැඩතල වැඩියෙන් පාවිච්චි කළොත්, නිර්මාණයේ අලංකාරය වැඩි වේවි.

දැන් කරන්න තියෙන්නේ කපාගත් හැඩතල එකින් එක කම්බිවලට තබා අලවා ගැනීමයි. ඡායාරූපයේ පෙනෙන පරිදි කොළ හැඩතල කපා ගන්නවා නම්, කොළ ඉති නිර්මාණය කළ යුතුයි. මේ සියල්ලම, තවත් බෝතල් කැබැල්ලක ලෑම්ප් ෂේඩ් හැඩය එන පරිදි සවි කර ගන්න. විදුලි බුබුලක් ඇතුළතින් සවි කර ගන්න පුළුවන් විදිහට මෙය නිර්මාණය කර තියෙන්න ඕනෑ.

අඳුරු වෙලාවකදි මේ බල්බය දැල්වුවොත්, ඔබේ නිර්මාණය කොයි තරම් අලංකාරවත් ද කියලා ඔබට දැකගන්න පුළුවන් වේවි . බීම වර්ග පානය කරලා අවසන් වෙලා, ප්ලාස්ටික් බෝතල් පරිසරයට මුදා හරිනවාට වඩා, ඒ බෝතල්වලින් මේ වගේ නිර්මාණයක් කරන එක කොයි තරම් ආදර්ශවත්ද?එහෙම වුණහම, පහසුවෙන් වගේම වියදමක් නැතිව මේ වගේ නිර්මාණ කරගත හැකියි‍. මෙවැනි නිර්මාණ කිරීමෙන්, තමන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නංවා ගැනීමට මං සැලසෙනවා වගේම, මානසික සුවපත්භාවයටත් එය හොඳ ක්‍රමයක්.

චින්තා රණසිංහ

නව අදහස දක්වන්න