නීතිවිරෝධී ගිනි අවි 1068ක් උණ්ඩ 3500ක් අත්අඩංගුවට | දිනමිණ

නීතිවිරෝධී ගිනි අවි 1068ක් උණ්ඩ 3500ක් අත්අඩංගුවට

විජයානී එදිරිසිංහ

රට පුරා නීතිවිරෝධී ලෙස විවිධ අපරාධ කල්ලි විසින් පාවිච්චි කරන නීතිවිරෝධී ගිනි අවි 1068ක් සහ උණ්ඩ 3500කට වැඩි ප්‍රමාණයක් සංවිධානාත්මකව අපරාධ මෙහෙයුම් කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

2016 සහ 2017 පසුගිය මාස කිහිපය තුළ එම අපරාධ මෙහෙයුම් කොට්ඨාසය විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමක් මගින් එම ගිනිඅවි සහ උණ්ඩ සොයාගත් බව ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

මෙම ගිනි අවි අතර ටී 56, පිස්තෝල සහ ගල්කටස් යන විවිධ වර්ගයේ ගිනි අවි තිබූ බව වාර්තාවෙයි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙරට තුළ සිදුකෙරෙන බරපතල අපරාධකරුවන් කොටුකරගැනීම සඳහාත් මේ ආකාරයෙන්ම මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පැවසීය. 

නව අදහස දක්වන්න