කිරිමැටියාන-වෙන්නප්පුව පාරේ පාලම් ඇයි රෑට අඳුරේ | දිනමිණ


 

කිරිමැටියාන-වෙන්නප්පුව පාරේ පාලම් ඇයි රෑට අඳුරේ

වෙන්නප්පුව වි‍ශේෂ සුනිල් ප්‍රනාන්දු

වෙන්නප්පුව ආසනයට අයත් කිරිමැටියාන නගරයේ සිට වෙන්නප්පුව දක්වා දිවෙන ප්‍රධාන බස් මාර්ගයේ පසුගිය රජය සමයේදී රුපියල් කෝටි ගණනක මුදලක් වැයකොට ඉදිකරන ලද ප්‍රධාන යකඩ පාලම් දෙක මේ දක්වාම රාත්‍රියට අදුරේ පැවතීම නිසා ජනතාව රාත්‍රී කාලයේ එම පාලම මතින් ගමන් කිරීමට බියක් දක්වති.

එක් පාලමක් ලුණුවිල තැලවිල්ල නොහොත් නිතර නිතරම ගංවතුරින් යටවන ස්ථානයේ ඉදිකර ඇති අතර අනෙක් පාලම ඉදිකර ඇත්තේ හැමිල්ටන් ඇළ මතින් සවිකර තිබූ පැරැණි පාලම වෙනුවටය.

රජයේ බලධාරීන්ට මේ පාලම්වලට විදුලි බුබුලක් සවිකරදීමට තරම් හැකියාවක් නැත්තේ මන්දැයි ප්‍රශ්න කරන ජනතාව ප්‍රදේශයේ දේශපාලන බලධාරියා වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හා අග්‍රාමාත්‍යවරයා යටතේ සිටින එකම රාජ්‍ය අමාත්‍යවරයා ද වන නිරෝෂන් පෙරේරා මහතාගේ විශේෂ අවධානය මේ සදහා යොමුකරවීමේ ඇති වැදගත්කම ද පෙන්වා දෙති.

මෙම පාලම් දෙක ඉදිකර දැනට වසර 4කට ආසන්න කාලයක් ගතවී ඇතත් රාත්‍රී කාලයට ඝන අඳුරේ පැවතීම එම මාර්ගයේ අලංකාරයට ද බලවත් තර්ජනයක්ව ඇතැයි ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.

නව අදහස දක්වන්න