පුංචි ඡන්දෙට එජාප අපේක්ෂකයන් තෝරා අවසන් | දිනමිණ

පුංචි ඡන්දෙට එජාප අපේක්ෂකයන් තෝරා අවසන්

 ශිරෝමි අබයසිංහ

පළාත් පාලන මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින් දිස්ත්‍රික් මට්ටමින් තේරීමේ කටයුතු එක්සත් ජාතික පක්ෂය මේ වන විට අවසන් කර තිබේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සහ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වූ සම්මුඛ පරීක්ෂණවලින් තෝරා ගත් අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ නාම ලේඛණය එක්සත් ජාතික පක්ෂ ජාතික ‍නාමයෝජනා මණ්ඩලයට ලබන සතියේදී ඉදිරිපත් කෙරේ. නාමයෝජනා මණ්ඩලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන අතර පළාත් පාලන ආයතන 338 ක් සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂක අපේක්ෂිකාවන් සම්බන්ධ‍යෙන් අවසන් තීරණය ගන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන ජාතික නාම‍ යෝජනා මණ්ඩලය විසිනි. එක්සත් ජාතික පෙරමුණ යටතේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කරන හවුල්කාර පක්ෂවල අපේක්ෂකයින්ගේ නාම ලේඛණයද මෙම නාම‍ යෝජනා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබයි.

අපේක්ෂක ලැයිස්තුව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබුණු පසු මැතිවරණ කටයුතු ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා පැවසීය.


නව අදහස දක්වන්න

Or log in with...