බැඳුම්කර පරීක්ෂණයේදී හිමිකම් කඩවු‍ණා | දිනමිණ

බැඳුම්කර පරීක්ෂණයේදී හිමිකම් කඩවු‍ණා

 නෙල්කා මැදගෙදර

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි තමන්ගෙන් තර්ජනාත්මකව බලපෑම් කරමින් ප්‍රශ්න කිරීම මඟින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් අංශයේ සහකාර අධිකාරී එස්. පතුමනාපන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙළේය.

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට ප්‍රකාශ ලබාදීම සඳහා කොමිසමෙන් ලද සිතාසි මත එහි පැමිණි තමන් සොලිසිටර් ජෙනරාල් දප්පුල ලිවේරා මහතාගේ නිල කාමරයට රැගෙන ගොස් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමාගෙන් තර්ජනාත්මකව ප්‍රශ්න කළ බවට පෙත්සම්කරු පැමිණිලි කර සිටී.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා තර්ජනාත්මකව බලපෑම් කරමින් ‍තමාගෙන් ප්‍රශ්න කළ බවද තමාගේ අනාගතය ගැන සිහි තබාගෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන ලෙස පෙත්සම්කරු සඳහන් කළ බව පෙත්සම්කරු පෙන්වා දී තිබේ. මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් පෙත්සම්කරුට එරෙහි විනය පරීක්ෂණයක් පැවැත්වීම හෝ චෝදනා පත්‍රයක් ලබාදීමෙන් වගඋත්තරකරුවන් වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබේ. 

නව අදහස දක්වන්න