ලංකා ඛනිජ තෙල් සංස්ථාව නවීකරණය වෙයි | දිනමිණ

ලංකා ඛනිජ තෙල් සංස්ථාව නවීකරණය වෙයි

නලින් දිල්රුක්ෂ
ලංකා කනිජ තෙල් සංස්තාව 2025 වසර වනවිට දිනකට ඛනිජ තෙල් බැරල් 120,000 ක් පිරිපහදු කරමින්, දේශීය ඉල්ලූ‍ම 100% ක් සපුරාලීමේ අරමුණින් සපුගස්කන්ද පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ආරම්භකර ඇත.
1939 දී ඉදිකරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවට දැනට හැකියාව ඇත්තේ මෙරට වර්තමානයේ පවතින ඛනිජ තෙල් ඉල්ලූ‍මෙන් 30% ක් සපුරාලීමට පමණි.
මෙම පුළුල් කිරීම සඳහා සංස්ථාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් වැයවේ.
එමෙන්ම පිරිපහදුවේ ඇති බොයිලරය වෙනුවට නව බොයිලරයක් ස්ථාපිත කිරීමේ ක‍්‍රියාවලිය ද පසුගිය මාස 6 තුළ වේගවත් කර ඇතැයි කනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.
එසේම මුතුරාජවෙල ගබඩාවේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා තෙල් නල පද්ධතියක් ඉදිකිරීමටද සැලසුම් කොට ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.
 
සහන මිලට ඉන්ධන සැපයීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අහිමිවී ඇති ආදායම 2017 පළමු මාස 9 දී පමණක් රු. බිලියන 68 කට ආසන්න ය. 
සංස්ථාව ලාභ ලබන ආයතනයක් ලෙස ක‍්‍රියාත්මක විය යුතු වුවද ඉන්ධන මිලගණන් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ පවතින සීමාවන් නිසා එය දුෂ්කර වී ඇතැයි සභාපතිවරයා පැවසීය. මේ වනවිට කලාපයේ අවම ඉන්ධන මිලගණන් පවතිනුයේ ශ‍්‍රී ලංකාවේ වන අතර, එය අසල්වැසි ඉන්දියාවට වඩා 30% ක් අඩු මට්ටමකි.
 
කෙසේ වුවද රු. බිලියන 2 ක තරම් විශාල ණය බරක් තවමත් සංස්ථාව මත පැටවී ඇතැයි පෙන්වාදෙන සභාපති වරයා නව මං ඔස්සේ නව මූල්‍ය සම්පාදනයන් ලබාගනිමින් මෙම ණය මට්ටම අවම කරගැනීම සංස්ථාවේ ඉලක්කය බව පවසයි.
 

නව අදහස දක්වන්න