ලෝකයේ විශාලම දියමන්තිය වෙන්දේසි කෙරේ | දිනමිණ

ලෝකයේ විශාලම දියමන්තිය වෙන්දේසි කෙරේ

ලෝකයේ විශාලම දියමන්තිය වෙන්දේසි කිරීමට සූදානම් වේ.

කැරට් 163.4ක් වන මෙම දියමන්තිය 2016 වසරේදී සොයාගනු ලබූවකි. ඒ ඇන්ගෝලාවේ නැගෙනහිර ප්‍රදේශයේ සිදු කළ කැනීම් වලදීය.

එය ලබන මස 14 වනදා ජිනීවාහිදී වෙන්දේසී කිරීමට නියමිතය.

එම වර්ගයට අයත් දියමන්තියක් වෙන්දේසියට ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය ලෙස සැළකේ.

කපා ඔපමට්ටම් කරන ලද මෙම දියමන්තිය නගර රැසක ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

ජිනීවාහිදී එය වෙන්දේසි කිරීමට පෙර හොංකොං, නිව්යොර්ක් හා ඩුබායි හිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න