පුංචි ඡන්දයේ ගැසට් නිවේදනය 01වන දා | දිනමිණ

පුංචි ඡන්දයේ ගැසට් නිවේදනය 01වන දා

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නොවැම්බර් මස 01 වන දා නිකුත් කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසයි.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, ලබන ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා ද උපදෙස් දුන් බව ය.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සඳහන් කළේ මේ අනුව, නොවැම්බර් මස 01 වන දා ගැසට් නිවේදනය නිකුත් කළ පසු ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්විය හැකි බවයි.

මේ අතර, නොවැම්බර් මස 01 වන දා ගැසට් නිවේදනය නිකුත් කළහොත් ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්විය හැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කලේ.

නව අදහස දක්වන්න