හම්බන්තොට සිද්ධියේ 31 යළි රිමාන්ඩ් | දිනමිණ

හම්බන්තොට සිද්ධියේ 31 යළි රිමාන්ඩ්

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇතුලූ 31 දෙනෙකු ලබන මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

ඒ, හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල්කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු පිරිස අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. 

යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පිරිස අතරට  පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර සහ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ද වෙයි.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එක් සිසුවෙකුට අධිකරණය අද ඇප ලබා දුන්නේය.

නව අදහස දක්වන්න