ව්‍යවස්ථාව වෙනුවෙන් ජනපතිගෙන් සර්ව පාක්ෂික සමුළුවක් | දිනමිණ

ව්‍යවස්ථාව වෙනුවෙන් ජනපතිගෙන් සර්ව පාක්ෂික සමුළුවක්

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල කමිටුවේ අතුරු වාර්තාවේ ඇති යෝජනා පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා සර්ව ආගමික නායක සමුළුවක් දෙවනුව කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ඒ, අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ජාතික සහජීවන සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ ජාතික මහා සමුළුව අමතමිනි.

එසේම ව්‍යවස්ථාව පිළිබඳව උනන්දුවක් දක්වන උගතුන් හා බුද්ධිමතුන් ගේ සමුළුවක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් ගේ සමුළුවක් ද කැඳවන බව ජනාධිපතිවරයා පැවැසීය. 

නව අදහස දක්වන්න