ලහිරුට සහ සුගතානන්ද හිමිට ඇප | දිනමිණ

ලහිරුට සහ සුගතානන්ද හිමිට ඇප

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ඇප මත නිදහස් කර තිබේ.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.

එහි දී එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක ඇප මත ඔවුන්ව නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පසුගිය 12 වැනිදා සිට ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවයේ නිරතවීම හේතුවෙනි.

නව අදහස දක්වන්න