සම්පාදක මණ්ඩලය සිදුකරන්නේ ව්‍යවස්ථාව හැදීම ගැන කතිකාවතක් පාර්ලිමේන්තුවේ අැති කිරීමයි | දිනමිණ

සම්පාදක මණ්ඩලය සිදුකරන්නේ ව්‍යවස්ථාව හැදීම ගැන කතිකාවතක් පාර්ලිමේන්තුවේ අැති කිරීමයි

 ස්වර්ණා විජේකෝන්,රෝෂන් තුෂාර, සන්ධ්‍යා කරුණාරත්න

ව්‍යවස්ථා සංශෝධනය හෝ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම කුණු කූඩයට දමන්නට යැයි කියන්නේ නම් අළුත් මැතිවරණ ක්‍රමයක් බලාපොරොත්තු විය නොහැකි බවත් ව්‍යවස්ථා සම්පාදනයට හොඳම අවස්ථාව මෙය බවත් ප්‍රවහන හා සිවිල් ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) පැවසීය.

නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ ශ්‍රී ලංකා පක්ෂයේ මතය ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ ඇමතිවරයා ජාතික හා ආගමික අනන්‍යතාව විනාශ කර ව්‍යවස්ථා ව සම්මත නොකරන බවද පැවසීය.

ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි පැවසූ ඇතැම් අය අද එය එපා යැයි පවසන බව පෙන්වාදුන් ඇමතිවරයා ව්‍යවස්ථාවක් ස්ථාපිත නොකළහොත් බලය බෙදීම තවදුරටත් කල්යන බවත් එසේ කළ නොහැකි බවත් ඇමතිවරයා පැවසීය.

නව ව්‍යවස්ථාව තුළ ජනතා ඡන්දයෙන් බලයට පත්වන යම් විධායක බලයක් හිමි ජනාධිපතිවරයෙක් සිටිය යුතු බවත් පළාත් සභා එක් නොකළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය.

ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය සිදු කරනුයේ ව්‍යවස්ථාව හැදීම සම්බන්ධයෙන් කතිකාවතක් පාර්ලිමේන්තුව තුළ ඇති කිරීම සිදු කරනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතැම් අය බියසංකා ඇති කර ගෙන සිටිනවා. ලිඛිතව පක්ෂ ගණනාවක් ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයට තමන්ගේ මූලික අදහස ලබාදී තිබෙනවා. එය මේ වාර්තාවට එකතු කර තිබෙනවා. නමුත් තවම අවසන් තීන්දුවක් අරගෙන නැහැ.

නව අදහස දක්වන්න