ඔස්ට්‍රේලියාව බලා ගිය සරණාගතයින්ගේ විරෝධය | දිනමිණ

ඔස්ට්‍රේලියාව බලා ගිය සරණාගතයින්ගේ විරෝධය

ඔස්ට්‍රේලියාව විසින් පැපුවා නිව්ගිනි හි රඳවා සිටින සරණාගතයින්, එහි පිහිටා ඇති රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්වන බව වාර්තා වේ.

බෝට්ටුවලින් පැමිණෙන සරණාගතයින් නවතාලන ඔස්ට්‍රේලියාව ඔවුන් රඳවනු ලබන්නේ පැපුවා නිව්ගිනි හි මැනුස් දුපතේ සහ නාවුරු දුපතෙහිය.

රැඳවුම් කඳවුර වසා දැමීම හේතුවෙන් තමන්ට ජලය, විදුලි බලය සහ ආරක්ෂාව නොමැතිවීම තුළින් සිය මානව හිමිකම් උල්ලංඝනයවන බවට රැඳවියෝ තර්ක කරති. මෙය හැර යාම බොහෝ රැඳවියෝ ප්‍රතික්ෂේප කරති.

පැපුවා නිව්ගිනි වේලාවෙන් අඟහරුවාදා (ඔක් 31) සවස 05 ට (07:00 GMT) රැඳවුම් මධ්‍යස්ථානයට දී ඇති විදුලි, ජලය හා ආහාර සැපයුම් නතර කරන බවට ප්‍රාදේශීය බලධාරීන් අනතුරු අඟවා ඇති අතර හෙට අලුයම වන විට පැපුවා නිව්ගිනි ආරක්ෂක බලධාරීන්ට මධ්‍යස්ථානයට ඇතුළුවීමට ඉඩ සැලසෙනු ඇත.

සාමකාමී උද්ඝෝෂණයක් ඇරඹීමට සැලසුම් කර ඇතැයි බීබීසී සමග පැවසු සරණාගතයින්, ජලය, බිස්කට් මෙන්ම වැසි ජලය රැස්කිරීමට පටන්ගෙන තිබේ.

රැඳවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂකයින් පිටව ගිය පසු ප්‍රදේශයේ පුද්ගලයින් එම පරිශ්‍රය කොල්ලකෑමට පටන්ගත් බව ද රැඳවියෝ පවසති.

(බී.බී.සිය ඇසුරෙනි)

ජලය හා විදුලිය කපා හරින බවට රැඳවියන්ට කළ දැනුම්දීමක්

ජලය හා විදුලිය කපා හරින බවට රැඳවියන්ට කළ දැනුම්දීමක්

නව අදහස දක්වන්න