සුනිල් තාබෘෘ ඝාතකයා දිවි ඇතිතෙක් සිරගෙට | දිනමිණ

සුනිල් තාබෘෘ ඝාතකයා දිවි ඇතිතෙක් සිරගෙට

දෙහිවල පොලිසියේ බුද්ධි අංශයේ හිටපු ස්ථානාධිපති සුනිල් තාබෘෘ ඔහුගේ නිල නිවසේ දී වෙඩි තබා ඝාතනය කළ කොටි සාමාජිකයකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

වරදකරුවූ සෙල්වතුරෙයි කිරුබාකරන් හෙවත් මදන් නමැති මුල්ලිවයික්කාල්හි පදිංචිකරුවකුට එසේ සිර දඬුවම් නියම විය.

ඊට අමතරව තවත් වසර 05ක සිර දඬුවම් හා රුපියල් 25000ක දඩයක් ද ඔහුට නියම කෙරිණි.

කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ අදාළ නියෝගය දුන් අතර 2003 වසරේදී මෙම ඝාතනය සිදුව තිබිණි.

නව අදහස දක්වන්න