බුද්ධිකා බ්‍රාහ්මණගේ
2018 වර්ෂය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කිරීමට රජය තීරණයක් කර තිබේ.
ආහාර නිෂ්පාදනය ගෝලීය වශයෙන් ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින බවත්, කෘෂි කර්මාන්තයේ නියැළී ව්‍යවසායකයින් ක්‍රමයෙන් ඒවා වෙතින් ඉවත්වී වෙනත් ව්‍යාපාර වෙත යොමුවීමත් හේතුවෙන් ආහාර නිෂ්පාදනය සඳහා පැවති තරඟකාරී බව අඩු වෙමින් පවතින බවත් හඳුනාගෙන තිබේ.
ඒ අනුව ආහාර නිෂ්පාදනය සඳහා යොමු කරන ආයෝජන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙමින් පැවතීම හේතුවෙන් ආහාර හිඟය අනාගතයේ ගෝලීය අර්බුදයක් බවට පත්වීමට ඉඩ කඩ වැඩි වෙයි.
කාලගුණික විපර්යාස හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වී, පොල්, බඩඉරිඟු, කුරක්කන්, තල, එළවළු ආදී භෝග රාශියක නිෂ්පාදනය පහත වැටිණි.
මෙම හේතු පිළිබඳව සැලකිලිමත් වෙමින් 2018 වර්ෂය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කිරීමට රජයේ තීරණය බවට පත්වී තිබේ. මේ අනුව වගා නොකළ ඉඩම් වගා කිරීමටත්, ගෙවතු වගාවන් සඳහා දිරි දීමට මෙන්ම කෘෂි කර්මාන්තය සඳහා යොමුවන ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීම මේ සඳහා වන රජයේ වැඩසටහන් අතර වේ.
නව අදහස දක්වන්න