ඔබට කොහොමද? | දිනමිණ

ඔබට කොහොමද?

නොවැම්බර් මස 05 සිට නොවැම්බර් මස 11 දක්වා

මේෂ

විදෙස් සංචාර

වෘත්තීමය වශයෙන් යන හදිසි ගමන් යෙදේ. ජල අනතුරු වලින් ප්‍රවේශම් විය යුතුයි. අධ්‍යාපනයට සුබයි. තම වෘත්තියේ වගකීම් වැඩි වෙයි. මේ නිසා මානසික ආතතිය ද වැඩි විය හැක. සමාජ සුබසාධන කටයුතුවල යෙදීමට පෙළඹේ. එම නිසා පන්සල්, පල්ලි ආශ්‍රිතව පින්දහම් ආදී කටයුතු වල පෙරමුණ ගනියි. පෙම්වතුන් හිතුවක්කාරී වෙයි. වෘත්තීමය වශයෙන් යන විදේශීය සංචාරවලට වඩා ඉඩකඩක් ඇත. පවුල් ජීවිතයේ ගැටුම් අඩුවේ. සෙම් අමාරු හා උදරාබාධ ඇති විය හැක.

වෘෂභ

අධ්‍යාපනයට බාධා

කොන්ත්‍රාත් අඩමාන ව්‍යාපාර ව්‍යාපාර ආදියෙන් සිතූ තරම් ලාභ ඇති නොවේ. පෙම්වතුන්ට බලාපොරොත්තු කඩවීම් වලට මුහුණදීමට සිදුවිය හැක. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට වියදම් අධික වෙයි. උසස් අධ්‍යාපනයට බාධා අවහිරතා පෙන්වයි. අය පක්ෂය හොඳය.

එහෙත් හදිසි වියදම් වැඩිවේ. විදේශ ගමන් කල් යයි. තම ආයතනයේ නායකත්වය ප්‍රධාන තැන් ගැනීම් ආදිය සිදු විය හැක.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට ඉස්මතුවීමට අවස්ථාව ඇත. රුධිර දෝෂ ඉස්මතු වෙයි.

මිථුන

මුදල් වාසි

අය පක්ෂය සුබ නැත. එහෙත් හදිසි මුදල් වාසි ලැබේ. පාසල් අධ්‍යාපනයට නරක නැත. එහෙත් උසස් අධ්‍යාපනයට හිතකර කාලයක් නොවේ. මඟුල් තුලා කටයුතුවලට යහපත් නැත. යුග දිවියේ හැල හැප්පීම් අධික විය හැක.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට හිතකර වාතාවරණයක් ලබයි. හදිසි මුදල් වාසි විදේශ ගමන් අපේක්ෂා කරන අයට බලාපොරොත්තු කඩවීම් සිදුවේ. පෙම්වතුන්ට හොඳ කාලයකි. උදරාබාධ රුධිර දෝෂ ඉස්මතු විය හැක.

කටක

පවුලේ ගැටුම්

වෘත්තීමය කටයුතුවලට සුබයි. වෘත්තීමය වශයෙන් සංචාර යෙදේ. බ්‍රෝකර්, කොන්ත්‍රාත්, ඒජන්සි, කොමිස් මත කෙරෙන ව්‍යාපාර ආදිය කරන්නන්ට නරක නැත. අධ්‍යාපනය හිතකර කාලයකි.

හවුල් ව්‍යාපාරවලට සුබ නැත. අය පක්ෂය සතුටුදායකය. අපේක්ෂිත විදෙස් ගමන් යෙදේ. කලාකරුවන් තම සහජ දක්ෂතා ඉස්මතු කර ගනී. යුග දිවියේ ගැටුම් වෙන්වයෑමේ තර්ජන ද පැන නැගිය හැක. නිධන්ගත රෝග ඉස්මතු වේ.

සිංහ

විවාහ යෝජනා

මේ සතිය තුළදී වැඩි වශයෙන් නිවසින් බැහැරව හෝ ගමෙන් පිට සිටීමට සිදු වේ. අපේක්ෂිත විදේශීය ගමන් යෙදේ. අධ්‍යාපනයට හදිසි වියදම් යෙදෙනු ඇත. අය පක්ෂය නරක නැත. එහෙත් ඉතිරි කරගැනීමේ අපහසුතා ඇතිවේ.

කලා හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට හිතකර කාලයක් නොවනු ඇත. පෙම්වතුන්ට සුබයි. අපේක්ෂා ඉටු කර ගැනීමට අවස්ථාවක් ලබයි.

විවාහ යෝජනා වීමේදී රැවටිලිවලට භාජනය වීමේ ඉඩකඩ ඇත. තමන් සතු යම් යම් දේ නැතිවීමේ හෝ අස්ථානගතවීමේ අවධානයක් තිබේ. තමා වංචාවලට ගොදුරක් වීමට පුළුවන. සතුන් කෘමීන් දෂ්ඨ කිරීම් විෂ විය හැකිය.

කන්‍යා

ගුප්ත රෝග

කොන්ත්‍රාත් අඩමාන ව්‍යාපාරවලින් හොඳ ආදායමක් තිබේ. සමස්තයක් වශයෙන් මේ සතියේ අය පක්ෂය නරක නැත. අධ්‍යාපනයට සුබයි. ස්ත්‍රී පටලැවිම්වලට හසුවීමට පුළුවන. ගුප්ත රෝග හටගත හැක. ගන්නා වැදගත් තීරණයක් තම අවාසියට හේතුවීමට පුළුවන. ගර්භණී මාතාවන් ප්‍රවේශම් විය යුතුය. විදේශීය මූලාශ්‍රවලින් මුදල් ලැබෙන්නන්ට ඒ සම්බන්ධයෙන් අපහසුවීම්වලට මුහුණදීමට සිදු විය හැක. කලාවට සුබ නැත. දියවැඩියාව, රැමෙටික් ආබාධ ඉස්මතු වේ.

තුලා

රුධිර දෝෂ

විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායක වේ. වෘත්තීමය කටයුතුවලදී ප්‍රමුඛස්ථානයක් ලැබීමට ඉඩ කඩ ඇත. වෘත්තීය වශයෙන් වෙනස්කම් ඇතිවුවද එය තමාට හිතකර වේ. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන් ජනප්‍රියත්වයට පත් වෙයි. ප්‍රේමවන්තයින් රැවටිලිවලට භාජනය විය හැක. ප්‍රභූන්ගෙන් දේශපාලනඥයන්ගෙන් උපකාර ලබයි. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. අය පක්ෂය හොඳයි. අසල්වැසියන් හා විරසක විය හැක. රුධිර දෝෂ ඇති වේ.

වෘශ්චික

සහෝදර උපකාර

හදිසි මුදල්වාසි ඇත. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට මේ සතිය වාසිදායකය. සැලසුම් සහගත වයි. පාසල් අධ්‍යාපනයට තරමක අවහිරතා ඇතිවේ. එහෙත් උසස් අධ්‍යාපනයට සුබදායි වටපිටාවක් සැකසේ. ආයෝජන යොදයි. ඉඩම් නිවාස ගැටුම් ඇතිවිය හැක. කලා ක්ෂේත්‍රයේ නිරතවුවන්ට හිතකර සතියකි. තම දක්ෂතා මතුවේ. අපේක්ෂිත විදේශ ගමන් ඇති විය හැක. චිත්තඒකාග්‍රතාව ඇතිවේ. වැඩිමහල් සහෝදරයාගෙන් උපකාර ලබයි. උදරාබාධ ඇතිවිය හැක.

ධනු

ජල අනතුරු

උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. අධ්‍යාපනය සඳහා විදේශගත විය හැක. හදිසි මුදල් වාසි ඇත. පැරණි මිතුරන් මුණ ගැසේ. වන්දනා ගමන්ද යෙදේ. වෘත්තීමය වශයෙන් හදිසි වෙනස්කම් ඇතිවිය හැක. කලා ක්ෂේත්‍රවලට හදිසි වියදම් ගෙනදෙන කාලයකි. ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට අනතුරුවලට මුහුණදීමට සිදු වේ.

ජල අනතුරු ඇත. ගංගා ඇළ දොළ වල දිය නෑමේදී ප්‍රවේශම් විය යුතුය. යුගදිවියේ සාමයට එතරම් හොඳ නැත. ප්‍රේමවන්තයින්ට තම සබඳතා කඩා කප්පල්වීම් සිදුවීමට මුහුණදීමට හැකිය. රැමෙටික් ආබාධ ඇති විය හැක.

මකර

ප්‍රේම සබඳතා

හිසේ ගුප්ත රෝග ඇතිවිය හැක. අන වින කොඩිවිණ ආදියට භාජනය විය හැක. මුදල් නොසිතූ විරූ ලෙස වියදම් වේ. නින්ද නොයෑමේ අපහසුතාවකටද පත්විය හැක. හවුල් ව්‍යාපාරවලින් යම් සහනයක් ලැබේ. විදේශීය මුලාශ්‍රවලින්ද යම් වාසියක් අත් වේ. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි.

ප්‍රේම සබඳතා හට ගැනෙයි. ආයතන රැකියාවක් කළද ව්‍යාපාරයකට හිත යයි. විදේශ ගමන් අපේක්ෂා කරන්නන්ට එම කාර්ය ඉෂ්ට වේ. උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවීමට හැකියාව ලැබේ. උරහිස් රෝග ඉස්මතු වේ.

කුම්භ

හදිසි අනතුරු

යෙදූ ආයෝජන වලින් ඵල ලබයි. විදේශගතවිය හැක. මිතුරන්ගෙන් උදව් ලබයි. හදිසි අනතුරු ප්‍රවණතා ඇත. ප්‍රවේශම් විය යුතුයි. අධ්‍යාපනයට සුබ කාලයකි. කලාවට ‍හොඳයි. ක්‍රීඩාවට සුබ නැත. රහස් සතුරු කුමන්ත්‍රණ අණ වින කොඩිවින මාර්ගයෙන් හෝ ක්‍රියාත්මක වේ. ප්‍රේමවන්තයින්ට අසුබ කාලයකි. ගැටුම් හා වෙන්වීම් සිදුවිය හැක. අය පක්ෂය හා වැය පක්ෂය සම සමව පවතියි. ආගමික කටයුතුවලදී කැපවී ක්‍රියා කරයි. සෙම් රෝග ඇතිවිය හැක.

මීන

වෘත්තීය වෙනස්කම්

ව්‍යාපාරවල යෙදෙන්නන්ට අභියෝගාත්මක ගැටලුවලට මුහුණදීමට සිදුවේ. උසස් අධ්‍යාපනය මන්දගාමීව කෙරේ. වෘත්තීමය වශයෙන් පරිපාලන බලය ඉස්මතු වෙයි.

පරිපාලනය ඉතා සාර්ථකව මෙහෙයවයි. ව ෘත්තීමය වශයෙන් ‍යම් යම් වෙනස්කම් ඇතිවුවද තමන්ට අවාසියක් නැත. දේශපාලනඥයන් හා ප්‍රභූන් සමඟ ඇසුරට වැටේ. අධ්‍යාපනයට අවහිරතා අඩුවේ. පෙම්වතුන්ට සුබ නැත. අපවාද එල්ල විය හැක. විදේශ මූලාශ්‍රවලින් ධනය ලබන්නන්ට සුබ වේ. වෘත්තීමය වශයෙන් යැවෙන විදේශගමන් පෙන්නුම් කරයි. සෙම් රෝග ඉස්මතු වේ.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න