ශාන්ත ප්‍රේමරත්නට වසර 04ක සිර දඬුවම් | දිනමිණ

ශාන්ත ප්‍රේමරත්නට වසර 04ක සිර දඬුවම්

රජයේ රැකියාවක් ලබාදීම සඳහා ගම්බද කාන්තාවකගෙන් රුපියල් 50,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත පේ‍්‍රමරත්නට  බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහගේ නියෝගයකට අනුවයි.

රජයේ කනිෂ්ඨ රැකියාවල නිරත සේවකයින් අල්ලස් දැලට කොටු කරගත්තත් දේශපාලනවසර 04කඥයින් ඉන් බේරී යන බවට රටේ මතයක් හටගෙන ඇති බැවින් සමාජයෙන් එම මතය මෙන්ම අල්ලසද ඈත් කර තැබිය හැකි ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ රුවනි වික‍්‍රමසිංහ කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවයා අදාළ දඬුවම් නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරු මීට වසර 10කට ඉහතදී ලබාගත් අල්ලසක් සම්බන්ධයෙන් මෙලෙස දඬුවම් නියම කෙරිණි.

ඒ අනුව රුපියල් 10,000 ක දඩයක්ද ඔහුට නියම කළේය.  

නව අදහස දක්වන්න