පළාත් WISS තරගාවලියේදී ශ්‍රී සුදර්ශන විදුහලෙන් කැපී පෙනෙන දස්කම් | දිනමිණ

පළාත් WISS තරගාවලියේදී ශ්‍රී සුදර්ශන විදුහලෙන් කැපී පෙනෙන දස්කම්

විස් තරගාවලියට එක්වූ ශ්‍රී සුදර්ශන විදුහල් පිල විදුහල්පති එච්.පී.ඩී. කල්දේරා (මැද), ක්‍රීඩා පුහුණුකරු අමිල ජයවර්ධන හා ක්‍රීඩා භාර ආචාර්ය රවින්ද්‍ර කලුආරච්චි මහත්වරු සමග. (වමේ) සහ 15න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වූ විකුම් චාමර

බස්නාහිර පළාත් විස් (WISS) ක්‍රීඩා තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට බත්තරමුල්ල ශ්‍රී සුදර්ශන විදුහල් කණ්ඩායම සමත් විය. එම විදුහලේ විකුම් චාමර 15න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර එම විදුහලේම හිරුෂ සහස් 15න් පහළ මීටර් 800 ප්‍රථම ස්ථානයත්, සඳුන් තාරක දෙවැනි ස්ථානයත් දිනා ගත්හ. එම වයස් කාණ්ඩයේ මීටර් 200 ජයද හිරුෂ සහස් සතුවිය. 15න් පහළ බාලිකා යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් පබසරා සමන්මලී ජය ලැබීය. තවත් මලල ක්‍රීඩා ඉසව් රැසක දෙවන හා තෙවන ස්ථාන හිමිකරගත් ශ්‍රී සුදර්ශන විදුහල් පිල මේ තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමටද සමත් විය.

ශ්‍රී සුදර්ශන විදුහලේ මෙතෙක් ක්‍රීඩා ගුරුවරයකු නොමැතිව මේ ජයග්‍රහණ ලැබීම විශේෂ සිදුවීමකි.සුවිශේෂිත්වයකි. ස්වේචිඡාවෙන් ක්‍රීඩා පුහුණු කටයුතු සිදු කරනුයේ එම විදුහලේ ආදි ශිෂ්‍ය අමිල රංජන ජයවර්ධන මහතායි. ජන ක්‍රීඩා භාර ගුරුවරයා ලෙස රවින්ද්‍ර කලුආරච්චි මහතා කටයුතු කරයි. විදුහල්පති එච්. පී. ඩී. කල්දේරා මහතාගේ දැඩි පරිශ්‍රමය හා ඍජු අධීක්ෂණයද ක්‍රීඩා පුහුණුවීම් සඳහා ලැබේ. මේ පාසලට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහිත ක්‍රීඩා පිටියක්ද නොමැත. ක්‍රීඩා කරන දූදරුවන් රැසකට ආර්ථික අපහසුතා පවතින නිසා ක්‍රීඩා ඇදුම් පැළදුම් හා උපකරණ ලබාගැනීමටද හැකියාවක් නොමැති වුවත් ඔවුන්ගේ කැපවීමෙන් මේ ජයග්‍රහණ අත්කර ගත්හ.

 

 


නව අදහස දක්වන්න

Or log in with...