මැණික්කුඹුර පොදු වෙළෙඳ භූමිය නරා වළක් | දිනමිණ

මැණික්කුඹුර පොදු වෙළෙඳ භූමිය නරා වළක්

මහනුවර මහනගර සභා බල ප්‍රදේශයට අයත් කටුගස්තොට මැණික්කුඹුර පොදු වෙළෙද සංකිර්ණයට අයත් භුමිය හා ඒ අවට පරිසරය දෙස බලන විට මේ ස්ථානය පිරිසුදු කිරිමට කිසිදු වැඩ පිළිවෙළක් සකසා නැත. මීට වසර පහළවකට පෙරදි මේ වෙළෙද සංකිර්ණය විවෘත කර තිබෙන අතර මහනුවර මෙන්ම අවට ප්‍රදේශ වෙත මේ පොදු වෙළෙද සංකිර්ණයෙන් තොග වශයෙන් එළවළු අලවිය සිදු කරනු ලැබේ.වෙනදා මහනුවර මධ්‍යම වෙළෙද පොළින් සිදුකළ සියලු කාර්යන් අද මේ ස්ථානයෙන් සිදු කරනු ලබයි .දිනකට වාහන සිය ගණනක් රාත්‍රි කාලයට මෙන්ම දිවා කාලයටද මේ වෙළෙද සංකීර්ණය වෙත තොග වශයෙන් භාණ්ඩ රැගෙන එන අතර තොග බඩු ගෙනයාම සදහාද එබදුම වාහන ප්‍රමාණයක් මේ වෙළෙද පොළ වෙත පැමිනේ. නමුත් වෙළෙද පොළට අයත් භුමිය දෙපස කිසිදු සුද්ද පවිත්‍ර කිරිමක් සිදුකර තිබෙන ආකාරයක් දැකිය නොහැකිය. සනිපාරක්ෂක කටයුතු ගැන සෑහිමකට පත්විය නොහැකිය.

වෙළෙද සංකීර්ණය වටා පරිසරය මෙන්ම වෙළෙද සංකිර්ණයට අයත් අභ්‍යංතර පරිසරයද ඉතා අවලස්සන අයුරින් පවති. තැන තැන ගොඩ ගැසි තිබෙන කැළි කසළ මෙන්ම අපවිත්‍ර කානු පද්ධති හා වැසිකිළි කැසිකිළි පද්ධති දෙස බලන විට මේ ස්ථානය ගැන ඇති වන්නේ කනගාටුවකි.

මහනුවර දිසා සමුහ 

 

නව අදහස දක්වන්න