තඹුත්තේගම විදුහලේ නවක බාලදක්ෂයන්ට පදක්කම් | දිනමිණ

තඹුත්තේගම විදුහලේ නවක බාලදක්ෂයන්ට පදක්කම්

තඹුත්තේගම විශේෂ ඩබ්ලිව්. ප්‍රදීප්

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ තුන්වන බාලදක්ෂ කණ්ඩායමේ නවක බාලදක්ෂයන් සදහා සාමාජික පදක්කම් පැළදවීමේ උත්සවය ඉකුත් දා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. අනුරාධපුර දිසා බාලදක්ෂ කොමසාරිස් කේ.ඩී.ඒ.සී. දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයට අනුරාධපුර දිසා බාලදක්ෂ පදක්කම් ලේකම් එන්.ඩී. රැටියල මහතා, අනුරාධපුර ගුවන් හමුදා බාලදක්ෂ කණ්ඩායමේ නිලධාරීන් හා බාල දක්ෂයන්ගේ මවුපියෝද සහභාගි වූහ. විදුහල්පති ඩී.එම්.එස්. සුනිල් ජයසිංහ මහතාගේ මඟ පෙන්වීමෙන් බාලදක්ෂ ආචාර්ය චතුරංග ලක්මාල් මහතා ඇතුළු බාලදක්ෂ සමූහය මේ උත්සවය සංවිධාන කොට තිබිණි.

නව අදහස දක්වන්න