පොළොන්නරුවේ අක්කර 150,000ක් මහ කන්නයේ වී වගාවට | දිනමිණ

පොළොන්නරුවේ අක්කර 150,000ක් මහ කන්නයේ වී වගාවට

පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ යටතේ මේ මහකන්නයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 1,50000කට අධික බිම් ප්‍රමාණයක වී ගොවිතැන් කිරීමට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව තීරණය කොට ඇත.

පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල මහ ගොවිජනපදවල හා මහවැලි බී - සී. සහ ජී. කලාපවල නොවැම්බර් මස 20 වැනි දින සිට මේ අනුව වගාකටයුතු ආරම්භ කිරීමට නියමිතය. මෙම වගා වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හා මහවැලි කලාපවල අක්කර 500ක පලතුරු වර්ග වගා කිරීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කරයි.

මේ වගාව සඳහා මේ වනවිට ගොවීන් 1000ක් තෝරාගෙන ඇති අතර, පලතුරු පැළ වර්ග නොමිලයේ ලබාදීමට පියවර ගන්නා බව පොළොන්නරුව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ යූ.එල්. උපාලි මහතා පැවසීය. 


නව අදහස දක්වන්න

Or log in with...