ගාල්ලේ හොඳම සහජීවන සංගමය ඉමදූවෙන් | දිනමිණ

ගාල්ලේ හොඳම සහජීවන සංගමය ඉමදූවෙන්

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය මගින් සංවිධානය කළ සහජීවන සංගම් ජාතික මහා සමුළුවේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් හොඳම සහජීවන සංගමය ලෙස ඉමදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ඉදිරිපත් කළ විශ්ව මිතුරු සහජීවන සංගමය සම්මාන ලැබීය.

සහජීවන සංගම් ජාතික මහා සමුළුව පසුගිය දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉමදූව ප්‍රදේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මෙනවිගේ පූර්ණ අධීක්ෂණයට යටතේ ඉමදූව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක දසුන් වීරසිංහ මහතාගේ සංවිධානය හා මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කළ ආන්තීකරණයට ලක්වූ ජන කොටස් සමාජානුයෝජනය කිරීමේ වැඩසටහන යන ව්‍යාපෘතිය වෙනුවෙන් මෙසේ දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත.


නව අදහස දක්වන්න

Or log in with...