දිනමිණ ගම්-නගර චාරිකා බදුලු පුර අබිමන් ඇරැඹේ | දිනමිණ

දිනමිණ ගම්-නගර චාරිකා බදුලු පුර අබිමන් ඇරැඹේ

රට වටා ගමින් ගම නගරයෙන් නගරයට යන මුද්‍රිත මාධ්‍යයේ අති දැවැන්ත ප්‍රවර්ධන ක්‍රියාන්විතය දිනමිණ ගම්-නගර චාරිකා දෙවැනි අදියර බදුලු පුර අභිමන් මෙම පසුගිය 30 වැනි දින බදුල්ල දිස්ත්‍රික්කය පුරා පැවැත් විණි.

මෙම වැඩසටහනට පූර්වගාමිව දිස්ත්‍රික්කයේ ලේක්හවුස් පුවත් පත් අලෙවි නියෝජිතයින් හා ප්‍රාදේශීය වාර්තාකරුවන් දැණුවත් කිරීමේ වැඩමුළුවක් බණ්ඩාරවෙල, බිඳුණුවැව මලින්දි හෝටලයේදී පැවැත් විණි.

මෙදින එනම් නොවැම්බර් මස 30 වැනි දින බදුල්ල දිස්ත්‍රික්කය පුරා දිනමිණ පුවත් පත් 20000 ක් නොමිළේ බෙදා හැර අතර අතර ඒ සමඟ විශේෂ අතිරේකයක් ද ප්‍රකාශයට පත් කෙරිණි. ඊට සමගාමීව දිනමිණ අලෙවි ප්‍රවර්ධන කණ්ඩායම් බදුල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් හා සමාජ සුබසාධන වැඩසටහන් රැසක ද නිරතවීය.

මෙම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරුණ මල්ලවආරච්චි, නියෝජ්‍ය කළමනාකරු (අලෙවි) ශාන්ත පුෂ්ප කුමාර, අතිරේක දැන්වීම් කළමනාකරු රෝයි ජයසිංහ, මාධ්‍යවේදි ආසිරි මල්ලවආරච්චි යන මහත්වරුන් සහභාගී වූ අතර ශාන්ත ජයමහ මහතා වැඩමුළුව මෙහෙයවීය. 

බණ්ඩාරවෙල සමූහ

නව අදහස දක්වන්න