ගාමිණී සෙනරත්ගෙන් පෙත්සමක් | දිනමිණ

ගාමිණී සෙනරත්ගෙන් පෙත්සමක්

 හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එලෙස නියෝගයක් නිකුත් කරනු ලැබුවහොත් තමන් රටින් පිටව නොයන බව ද ගාමිණි සෙනරත් මහතා මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති සහ නීතිපති නම් කොට ඇත. රුපියල් කෝටි හතරක රාජ්‍ය මුදල් අවභාවිත කළැයි ගාමිණි සෙනරත් මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පසුගිය දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර, සැකකරුවන් ලෙස නම් කළ ඔහුට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් කළාය.

ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය යටතේ 2012 වසරේ දී වෙන්කෙරුණු රුපියල් බිලියන 18.5 ක මුදලින් රුපියල් බිලියන 4ක් නීතිවිරෝධී ලෙස හම්බන්තොට හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතියට යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය රුපියල් කෝටි හතරක රාජ්‍ය මුදල් අවභාවිත කළැයි ගාමිණි සෙනරත් මහතා ඇතුළු තිදෙනකු සැකකරුවන් කරමින් ඔවුන්ට එරෙහිව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය පසුගිය දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. 

නව අදහස දක්වන්න