කැටලෝනියා හිටපු ඇමතිවරුන් 08ක් හිරගෙට | දිනමිණ

කැටලෝනියා හිටපු ඇමතිවරුන් 08ක් හිරගෙට

කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් නව දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි විදෙස් වාර්තා පවසයි.

අනතුරුව ඒ වන විටත් රටින් පළා ගොස් සිටි බලයෙන් පහ කෙරුණ හිටපු නායක කාර්ලෙස් පුයිග්දිමොන්ට් (Carles Puigdemont) ඇතුළු තවත් හිටපු ඇමතිවරුන් හතර දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීම පිළිබඳව ස්පාඤ්ඤ මහාධිකරණයේ අවධානය යොමු වෙමින් පවතියි.

අධිකරණයේ කැඳවීම අනුව උසාවියට ලඟා වූ හිටපු ඇමතිවරුන් නව දෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් එක් තැනැත්තකු ඇප මත මුදා හැර ඇත.

නමුත් සෙසු අට දෙනාට ඇප දීම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

එම අධිකරණ කැඳවීම අනුව උසාවියට නොපැමිණි හිටපු කැටලෝනියානු හිටපු නායක කාලෙස් පුයිජ්මොන් (Carles Puigdemont) සහ තවත් ඇමතිවරු හතර දෙනෙක් රටින් පළා ගොස් 'බ්‍රසල්ස්' නගරයේ රැඳී සිටිතියි.


නව අදහස දක්වන්න

Or log in with...